IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පොලිස් නිලධාරියෙක් උපන්දින සාදයකට ගිහින් පවුල් 36 ක් නිරෝධායනයට

( ප්‍රියානි මංගලිකා )
 
කොරෝනා වෛරසය ආසාධිත  වූ පොලිස්  නිළධාරීයෙකු නිකවැරටිය දියගම ප්‍රදේශයේ  උපන්දින සාදයකට  සහභාගී වීම හේතුවෙන්  එම ප්‍රදේශයේ පවුල් 36 ක පුද්ගලයන්  165  දෙනෙකු නිරෝධායනයට ලක් කල බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද(01) දා පැවසීය.

මේවන විට  එම ප්‍රදේශයට පොලිස් මුර පොලක් යොදවා සංචරන සීමා පනවා ,ව්‍යාපාරික ස්ථාන කීපයක්ද වසා දැමීමට රස්නායකපුර පොලීසිය පියවර ගෙන ඇත.

කොළඹ ප්‍රදේශයේ රාජකාරි කරණ  පොලිස් නිලධාරී යෙකු නිකවැරටිය දියගම ප්‍රදේශයේ පැවති උපන් දින සාදයට සහභාගී වී ඇති අතර ,ඉන් දින දෙකකට පසුව පොලිස් නිලධාරීයාට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට වෛද්‍ය වාර්ථා වලින් තහවුරු වීම හේතුවෙන් එම උපන්දින සාදය පැවති නිවසේ සාමාජිකයන් ඇතුලුව   සහභාගී වු ආශ්‍රිතයන් ගේ පවුල් 36 ක් මෙලෙස නිරෝධායනයට ලක් කල බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය .

නිරෝධායනයට ලක්කල පවුල් වලට අවශ්‍ය උපදෙස් ලබා දී ,නිරෝධායන නීතිය පිළිබඳවද දැනුවත් කර , එම ප්‍රදේශයේ වෙසෙන සෙසු පිරිස්ද දැනුවත් කිරීමට පියවර ගත් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය .

මෙවැනි භයානක වසංගත රෝග තත්වයක් රට තුල පවතින අවස්ථාවේ  මෙවැනි උත්සව සාද පැවැත්වීමෙන් වැලකී ,සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව කටයුතු කරමින්  කොරෝනා ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා ජනතාවගේ සහය ලබා දෙන ලෙසද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ජනතාවට දැනුම් දී සිටී.

මේ වන විට  නිකවැරටිය ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයන් තිදෙනෙකු වාර්ථා වී ඇති බවද ,  කොරෝනා වෛරස් වසංගත රෝග ව්‍යාප්තිය  මර්ධනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩසටහන් සිදු කරමින් සිටින බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් සඳහන් කලේය .



අදහස් (0)

පොලිස් නිලධාරියෙක් උපන්දින සාදයකට ගිහින් පවුල් 36 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31632 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site