IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


කෑගල්ලට සංචරණ සීමා

 (ලසන්ත නිරෝෂණ පෙරේරා )

කෑගල්ල දිස්ත්‍රික්කයේ නවාතැන් සපයන සියලුම ස්ථාන වසා දැමීමටත් සංචරණ සීමා දැඩි කිරීමටත් දිස්ත්‍රික්  කොව්ඩ්  මර්දන කමිටුව තීරණය කරනු ලැබීය.

මෙම කමිටුව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී  රැස්විය.                                                                                                          

සබරගමු පළාතේ කොව්ඩ් ආසාදිතයින් 115 දෙදෙනෙකු  31 වනදා වන විට වාර්තා විය .කෑගල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 66 මේ වන විට වාර්තාවන අතර නිරෝධායනයට ලක්ව ඇති මුළු පිරිස 2707 කි.

නිරෝධායනයට ලක්වූ පිරිස අතර වෛද්‍යවරු 8 ක්ද සිටියි. රත්නපුර දිස්ත්‍රික්කයේ  ආසාදිතයින් 49 දෙනෙකු වාර්තා වේ.පුද්ගලයින් 2500 ක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග වෙද්‍ය  ලක්මාල් කෝණාර මහතා පැවසීය .

කෑගල්ල දිස්ත්‍රික්කයට ඇතුල්වීම හා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වෙනත් දිස්ත්‍රික්කයකට පිවිසීම දැඩි සංචරණ සීමාවන්ට යටත්ව සිදුකිරීමටද මෙම කමිටුව තීරණය කරනු ලැබීය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළු නවාතැන් පොළවල්  වසා දැමීමටද මෙම කමිටුව මඟින් පියවර ගනු ලැබීය.                                                 

රඹුක්කන සහ උඳුගොඩ රෝහල් කොවිඩ් රෝගීන් සඳහා මේ වන විට වෙන් කර ඇති අතර වරකාපොළ රෝහල ද සූදානම් කරමින් පවතින බව මෙහි දී අනාවරණය විය .



අදහස් (1)

කෑගල්ලට සංචරණ සීමා

සත්‍යපාල Sunday, 01 November 2020 06:58 AM

සබරගමුවෙ කෑගල්ලෙ එහෙමවුනාට රෝගීන් 50 කට ආසන්නව සිටියත් කමිටුවෙන් ඇදිරිනීතිය පැනවීමට නිර්දේශ කලත් ලැජ්ජාවත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණවලට උත්තර දීමට නොහැකිවීමත් මත සීමා පැනවීමට රත්නපුර බලධාරීන් කටයුතු නොකරන්නේ ඡන්ද දායකයින්ට වඩා තනතුරේ ගරුත්වය රැකගැනීමට කියලා කථාවක් පැතිරෙනවා. මේ අතර සෞඛ්‍ය කමිටුවට වරදක් වුනා කියල සමාව ගන්න කියා දේශපාලන කමිටුවෙන් බලකරපු බවකුත් දැනගන්න ලැබුනා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 103 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site