
(අප්සරා යෝසිත් විජේසූරිය සහ අජිත්ලාල් ශාන්ත උදය)
උද්ගතව ඇති කොවිඩ්-19 නව වයිරසයේ ව්‍යාප්ති තත්වය මත රත්නපුර දිස්ත්‍රික් නීතීඥ සංගමය කළ ඉල්ලීමක් පරිදි නොවැම්බර් 03 දින සිට 11 දින දක්වා දින 9ක් රත්නපුර පළාත්බද මහාධිකරණයේ සහ රත්නපුර දිසා අධිකරණයේත්, රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය සහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේත් නඩු විභාග නොවන බව එම නීතීඥ සංගමයේ සභාපති නීතීඥ ප්‍රජාපාලි අතුකෝරළ මහත්මිය පැවසුවාය.
නමුත් අධිකරණ බල ප්‍රදේශයේ මෙම කාලය තුල විවිධ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධව අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පොලිසිය බී වාර්තා මගින් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමේ කාර්යයන් සිදුකරන බව රත්නපුර මුලස්ථාන පොලිසිය සහ පළාත්බඳ මහාධිකරණයේ අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාල නිලධාරීහු පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd