IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ඇඳිරිනීති කාලය තුළ කොරෝනා ලක්ෂණ මතු වුණොත් දැනුම්දෙන්න අංකයක්

 
(ඩයනා උදයංගනී)

නීතිය ක්‍රියාත්මක කාලය තුළ කිසියම් අයකුට කොරෝනා යැයි සැක සහිත රෝග ලක්ෂණයක් පහළ වුවහොත් රෝහලකට නොයා 0117 966366 දුරකතන අංකයට ඒ බව දැනුම් දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජනරාල්, විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා පැවසීය.

රෝග ලක්‍ෂණයක් ඇතිවූ වහාම රෝහලකට යාම මගින් එම පුද්ගලයාගෙන් වෙනත් අයට හා වෙනත් අයකුගෙන් එම පුද්ගලයාට කොවිඞ් ආසාදනයවීමේ අවදානමක් පවතින බැවින් මෙම පියවර ගත් බව සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.

එම දුරකතන අංකයට අමතා රෝග ලක්ෂණ පැවසූ විට එම රෝගී තැනැත්තා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් හමුවට යොමු කර, රෝග ලක්ෂණ පරීක්‍ෂා කර බලා අවශ්‍ය නම් පී.සී.ආර් එම පරීක්‍ෂණයට යොමු කිරීමට පියවර ගන්නා බව ද මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා කීවේය.

කිසියම් අයකු පී.සී.ආර් පරීක්‍ෂණයකට යොමු කළ පසු ප්‍රතිඵල එනතුරු වෙනත් ස්ථානවලට නොයා නිවසේ රැඳී සිටීම කළ යුතු බව ද අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

 



අදහස් (0)

ඇඳිරිනීති කාලය තුළ කොරෝනා ලක්ෂණ මතු වුණොත් දැනුම්දෙන්න අංකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 102 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site