
(ඩයනා උදයංගනී)
නීතිය ක්‍රියාත්මක කාලය තුළ කිසියම් අයකුට කොරෝනා යැයි සැක සහිත රෝග ලක්ෂණයක් පහළ වුවහොත් රෝහලකට නොයා 0117 966366 දුරකතන අංකයට ඒ බව දැනුම් දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජනරාල්, විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා පැවසීය.
රෝග ලක්‍ෂණයක් ඇතිවූ වහාම රෝහලකට යාම මගින් එම පුද්ගලයාගෙන් වෙනත් අයට හා වෙනත් අයකුගෙන් එම පුද්ගලයාට කොවිඞ් ආසාදනයවීමේ අවදානමක් පවතින බැවින් මෙම පියවර ගත් බව සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.
එම දුරකතන අංකයට අමතා රෝග ලක්ෂණ පැවසූ විට එම රෝගී තැනැත්තා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් හමුවට යොමු කර, රෝග ලක්ෂණ පරීක්‍ෂා කර බලා අවශ්‍ය නම් පී.සී.ආර් එම පරීක්‍ෂණයට යොමු කිරීමට පියවර ගන්නා බව ද මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා කීවේය.
කිසියම් අයකු පී.සී.ආර් පරීක්‍ෂණයකට යොමු කළ පසු ප්‍රතිඵල එනතුරු වෙනත් ස්ථානවලට නොයා නිවසේ රැඳී සිටීම කළ යුතු බව ද අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd