IMG-LOGO

අකුරණ සියලු මුස්ලිම් දේවස්ථාන වසා දමයි

 
(මොහොමඩ් ආසික්)

අකුරණ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කොවිඩ් 19 වයිරසය ආසාදිත  පුද්ගලයෙකු අද (30) වාර්තා වීමත් සමඟ  අකුරණ කොට්ඨාසයේ  පිහිටි සියලුම මුස්ලිම් දේවස්ථානවල පැවැත්වෙන ආගමික කටයුතු නැවත දැනුම් දෙන තුරු නැවැත්වීමට  අකුරණ ප්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය උපදෙස් දුන්නාය.

විහාරස්ථානවල පැවැත්වීමට නියමිත කඨිණ පිංකම් සම්බන්ධයෙන් ශාසනාරක්ෂක බල මණ්ඩලය සමඟ සාකච්ඡා කර තීරණය කිරීමත් ඇතුළුව   වැදගත් තීරණ කිහිපයක් ගෙන ඇති බවද  අබේසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

විදෙස්ගත වීම සඳහා කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයක් අනුව මෙම පුද්ගලයා ආසාදිත බවට වාර්තා වී ඇති බවත් ඉන් පසුව එම පුද්ගලයා ඇතුළු පවුලේ  6දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල අද 30 වනදා  ලබා ගත් බවත් රජයේ ආයතනයකින් කරනු ලබන එම වාර්තා ලැබෙන තුරු  ආරක්ෂණ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් ඇය සඳහන් කළාය.

මේ සඳහා ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමන්,  සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි තුමන්, පොලිස් ස්ථානාධිපතිතුමන්, ජමියතුල් උලමා සභාව වෙළද සංමය ඇතුළු ආයතනවල සහාය ලැබෙන බවත් අබේසිංහ මහත්මිය සඳහන් කළාය.

කොවිඩ්- 19 ආසාදිතයෙකු වාර්තා වූ බව දැන ගත් විගස මහජනතාව කලබල වීම දක්නට ලබබුණත් එසේ කලබල විය යුතු නැති බවත්  සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් තමන්ගේ නිවෙස්තුලම රැදෙමින්  රාජ්‍ය නිලධාරින්ට ඉදිරි වැඩ කටයුතු සිදුකරගන යන්නට මහජනාවගේ උපරිම සහාය ලබා දෙන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.

මෙහිදී අදහස් දැක්වූ අකුරණ ප්‍රාදේශිය  සභාවේ සභාපති  ඉස්තිහාර් ඉමාමුදීන් මහතා සඳහන් කළේ අකුරණ කොට්ඨාසයෙන් මේ වන විට කොරෝනා රෝගියෙකු වාර්තා වී ඇති බවත් පළමු  වටයේදී ද මධ්‍යම පළාතේ පළමු රෝගියා අකුරණ ප්‍රදේශයේ වාර්තා වූ බවත්, සමඟමේ සම්බන්ධයෙන් අකුරණ ජනතාවට වැඩි අත්දැකීම් තිබෙන බැවින් මෙයට වගකීමෙන් මුහුණ දීමට හැකියාව පවතින බවත්ය

 



අදහස් (0)

අකුරණ සියලු මුස්ලිම් දේවස්ථාන වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 59 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 247 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site