(ලසන්ත නිරෝෂණ පෙරේරා )
රත්නපුර මල්වල ඇඹුල්දෙනිය ප්‍රදේශයේ මාලු වෙළෙන්දාගේ පවුලේ තිදෙනෙකුටද කොරෝනා ආසාදිත බවට තහවුරුවිමෙන් පසු එම ප්‍රදේශයේ ගම්මාන කිපයක් හුදෙකලා කිරිමට රත්නපුර සෞඛ්‍ය බලධාරීන් සහ ඉහළ රාජ්‍ය බලධාරීන් තීරණය කළේය .
ඒ අනුව අද (26) සිට එම ගම්මාන වල සංවරණ සිමාවන් පනවා තිබේ. මල්වල ඕලුගල හංදියේ සිට මාර්ගය ,කනේගල්ල කුරුවිට මාර්ගය ,රත්තුරුගල මාර්ගය තාවකාලිකව වසා දමා ඇතැයි රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු කිවේය .
එගොඩ සිරිපාගම,උතුරු ගිලිමලේ ,දකුණු ගිලිමලේ ,කැටවල,මාපලාන ගම් හුදෙකලා කිරිමට ද තිරණය කර තිබේ .
ඊයේ (25) දිනය තුළ ලද පි.සි ආර් පරික්ෂණ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් සිව් දෙදෙනෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වි තිබේ .
මල්වල මාලු වෙළෙන්දා ගේ බිරිඳ දරුවන් දෙදෙනා හැරුණු ව්ට ඇහැලියගොඩ ප්‍රාදේශීය එක් අයෙක් ආසාදිත බවට තහවුරු වි ඇතැයි සබරගමු සෞඛ්‍ය බලධාරීන් පවසති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd