තවත් ආසාදිතයන් 263දෙනෙකු අද(25) සවස 6.08 වනවිට වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 36කට සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 227දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඒ අනුව, මේ වනවිට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 4313කි.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සම්පූර්ණ සංඛ්‍යාව 7784 කි. ඔවුන් අතුරින් 3803 දෙනෙක් සුවය ලබා ඇතත් තවත් රෝගීහු 3966 ක් තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමෝන් ශ්‍රී ලංකා, ඔහොම යන්, තව ටිකයි ආශ්චර්යට... ආ සොරි... සෞභාග්‍යට.
මෙක ආණ්ඩුවෙ වැරැද්දක්ද අරවින්ද මහත්තයෝ?