( රංජිත් රාජපක්ෂ)
හැටන් කොටගල රොසිටා සහ ග්‍රෙටන් තේ වතු වලින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වු රෝගින් දෙදෙනෙකු අද (26) දින හදුනාගැනීමත් සමඟ කොටගල වෙළෙඳසැල් සියල්ල වසා දැමීමට වෙළඳ සංගමය තීරණය කර තිබේ.
කොවිඩ් 19 වෛසරය ආසාදනය වු එම රෝගින් දෙදෙනා පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලේ සේවය කල දෙදෙනෙකු බවත් , එම සේවකයින් දෙදෙනා නිවසට පැමිණ සිටියදි කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් ඔවුන් නිරෝධානයට යොමු කර පි.සි.ආර් පරික්ෂණයකට යොමු කිරිමෙන් පසු එම පි.සි.ආර් වාර්තාව අනුව එම සේවකයින් දෙදෙනාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.
කොවිඩ් 19 වෛසරය ආසාදනය වු රෝගින් දෙදෙනා නිරෝධාන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් පියවර ගනු ලැබීය.
මේ අතර තලවකැලේ පොලිස් වසමට අයත් රත්නිල්ලකැලේ ජනපදයේ පදිංචි පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලේ සේවය කල සේවකයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී ඇති බව ලිදුලි සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරු කීහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොටගල නගරයේ වෙළෙඳසැල් වසා දමයි