IMG-LOGO

2025 මැයි මස 28 වන බදාදා


ඇමෙරිකානු උප ජනාධිපතිගේ කාර්යමණ්ඩල ප්‍රධානියාට කොරෝනා

 

 
ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ කාර්යමණ්ඩල ප්‍රධානියාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
 
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ට්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ බොහෝදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වූ අතර එම ලැයිස්තුවේ නවතම පුද්ගලයා වන්නේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ කාර්යමණ්ඩල ප්‍රධානියා ය.
 
මාර්ක් ෂෝට් මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවත් ඔහුගේ ආශ්‍රිතයන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය ද මේ වනවිට ආරම්භ කර ඇති බවත් මයික් පෙන්ස්ගේ ප්‍රකාශක ඩේවින් ඕ’මැලි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
 
‘‘උප ජනාධිපති මයික් පෙන්ස් සහ පෙන්ස් මහත්මිය අද ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කළා. ඔවුන්ට වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වුණා. ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා’’ යැයි ද ඩේවින් ඕ’මැලි කීවේය.
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත ය. මයික් පෙන්ස් රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් උප ජනාධිපති ධුරය සඳහා තරග කරයි. කෙසේ නමුත් ධවල මන්දිර වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත දැනට තිබෙන වැඩසටහන ක්‍රියාත්මක කරන කරන බව ද ප්‍රකාශකයා කීය.
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ දෛනික ආසාදිතයන් වාර්තා වීම නැවත වරක් වේගයෙන් ඉහළ යමින් තිබේ. සෙනසුරාදා දිනයේදී පමණක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 89,000 ඉක්මවයි.
 
මේ වනවිට ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් සහ වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 224,000 ඉක්මවයි.
 
ඒ.එෆ්.පී.
055

 



අදහස් (0)

ඇමෙරිකානු උප ජනාධිපතිගේ කාර්යමණ්ඩල ප්‍රධානියාට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 173 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 535 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 289 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site