(සුදත් එච්.එම්. හේවා)
කොටගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ කොවිඩ්-19 රෝගින් දෙදෙනකු වාර්ථා වීමත් සමග කොටගල ප්‍රාදේශිය සභාව මගින් කොටගල නගරයේ වෙළෙඳ සැල් අද (26) සිට තාවකාලිකව වසා දැමිමට පියවර ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසීමකදී අදහස් දැක්වු කොටගල ප්‍රාදේශීය සභාවේ නිලධාරියකු පවසන ලද්දේ මෙම බල ප්‍රදේශයෙන් කොවිඩ්-19 රෝගින් දෙදෙනකු හමුවීමත් සමග කොටගල වෙළෙඳ සංගමය සමග සකච්චා කර වෙළෙඳ සැල් වසා දැමිමට පියවර ගත් බවය.
පැලියගොඩ මාළු වෙළෙඳ සැලේ සිට පැමිණි කොටගල රෝසිටා හා ග්‍රේටන් වතුවල පදිංචි දෙදෙනකු පි.සි.ආර්. පරික්ෂාවෙන් පසු කොවිඩ් අසාදිතයන් බව හදුනා ගැනීමෙන් අනතුරුව ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොටගල නගරයේ වෙළෙඳ සැල් වහයි