( පුෂ්පකුමාර ජයරත්න )
වයිරසය ආසාදනයවී ඇති බවට තහවුරු වූ පුද්ගලයකු සමඟ කුරුණෑගල දිසා අධිකරණ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු සමීපව ඇසුරු කිරීමේ සිද්ධියක් අනාවරණය වීමෙන් පසුව ආරක්ෂිත පියවරක් ලෙස කුරුණෑගල දිසා අධිකරණය සහ අතිරේක දිසා අධිකරණය අද සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
කොළඹ ප්‍රදේශයෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයකුගේ සමීපතම ආශිතයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව එම ආසාදිතයා ඇසුරු කළ බව කියන දිසා අධිකරණයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා පීසීආර් පරීක්ෂණයට යොමු කිරීමට පියවර ගෙන ඇත.
මෙම කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා කුරුණෑගල දිසා අධිකරණය සහ අතිරේක දිසා අධිකරණය තුළ නිරන්තරයෙන්ම සේවයෙහි යෙදෙන දෙදෙනෙකු බැවින් ඔවුන්ගෙන් දිසා අධිකරණයේ විනිසුරුවරුන්ට, කාර්ය මණ්ඩලයට සහ නීතීඥවරුන්ට එල්ල විය හැකි අවදානම සැළකිල්ලට ගෙන දිසා අධිකරණය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව කුරුණෑගල නීතීඥ සංගමයේ ලේකම් පියුමාල් හේරත් මහතා ප්‍රකාශ කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කුරුණෑගල දිසා අධිකරණය වසා දමයි