කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලත් සමඟ වයිරස ආසාදිතයන්ගෙන් යුරෝපයේ රෝහල් පිරී යමින් තිබෙන බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
යුරෝපා කලාපය මේ වනවිට කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලකට මුහුණ දී සිටින අතර දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ යමින් තිබේ.
පසුගිය සති කිහිපය තුළ යුරෝපයේ බොහෝ රටවලින් වාර්තා වී තිබූ කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.
පෝලන්තය එරට තිබෙන විශාලම ක්‍රීඩාංගනය ක්ෂේත්‍ර රෝහලක් බවට පත් කර තිබේ. ඉකුත් සති දෙකේදී බෙල්ජියම සහ බ්‍රිතාන්‍ය යන රටවලින් වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී තිබේ.චෙක් ජනරජයේ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් අනතුරු අඟවන ඉතා ශීඝ්‍ර වේගයකින් අසනීප වෙමින් තිබෙන බව ද එරටින් වාර්තා වේ.
නව කොරෝනා වයිරසයේ පළමු රැල්ල පැමිණි අවස්ථාවේදී කෙසේ හෝ රෝහල් කළමනාකරණය කරගැනීමට හැකියාව ලැබුණ ද මෙවර තත්ත්වය නරක අතට හැරී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලත් සමඟ යුරෝපයේ රෝහල්වලට දරාගත නොහැකි තරමින් වයිරස ආසාදිත රෝගීන් පැමිණෙනු ඇතැයි එම අංශ කියයි.
කෙසේ නමුත් දැනට යුරෝපයේ රටවල රෝහල් ගතව සිටින නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන ඉකුත් මාර්තු සහ අප්‍රේල් මාසවල රෝහල් ගතව සිටි ගණනට වඩා අඩු යැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. නව කොරෝනා වයිරස වසංගතයේ පළමු රැල්ලේ උච්ඡතම අවධිය වාර්තා වූයේ පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවලදී ය. දැනට රෝහල් ගතව සිටින වයිරස ආසාදිතයන්ගේ ගණන එම කාලයේ රෝහල් ගතව සිටි පිරිසෙන් අඩකටත් වඩා අඩු වුවද දෙවැනි රැල්ලත් සමඟ සතිපතා වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වාර්තා ගත අයුරින් වේගයෙන් වැඩිවෙමින් තිබේ.
මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ වයිරස ආසාදිතයන් රෝහල් ගත කරනවාට වඩා වැඩි වේගයකින් යුරෝපයේ වයිරස ආසාදිතයන් රෝහල් ගත කෙරෙමින් තිබෙන බව ද සෞඛ්‍ය අංශවල නවතම වාර්තා පෙන්වාදෙයි.
(ද නිව්යෝක් ටයිම්ස්)
055
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1745
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආසාදිතයන්ගෙන් යුරෝපයේ රෝහල් පිරෙයි