
( පුෂ්පකුමාර ජයරත්න)
මාළු ප්‍රවාහනය කරන ලොරියක රියැදුරෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාළු බෙදාහරින ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක කුරුණෑගල නගරයේ ප්‍රධාන මත්ස්‍ය අලෙවිසැල වසා දැමීමට කුරුණෑගල මහ නගර සභාව පියවර ගෙන ඇත.
මේ හේතුවෙන් එම ව්‍යාපාරික ආයතනයේ මැල්සිරිපුර පිහිටි ප්‍රධාන ශාඛාවද වසා දමා ඇත.
කොරෝනා ආසාදිත රියැදුරා ගාල්ලේ සිට මාළු ප්‍රවාහනය කරමින් සිටියදී රෝගාතුරව ඇති බව වාර්තාවේ.
මේ නිසා එම ලොරියේ සහායකයා ලෙස කටයුතු කළ අයෙකුද පීසීආර් පරීක්ෂණයට යොමු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම දමන්නේ නැත්තේ ඇයි?.
එතනෝල් ස්ප්‍රේ කරලා දැම්මා නම් කොරෝනා විනාශයි..