
(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ධීවර වරාය අද(23) සිට නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇතැයි ධීවර වරායේ කළමණාකාර එඩ්වඩ් දයාමාල් මහතා අද (23) අලුයම පැවසීය.
බේරුවලින් පෑලියගොඩ මාළු වෙළඳපොළට මාළු රැගෙන ගිය ලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් මෙම පියරව ගත් බවද ඒ මහතා සඳහන් කළේය.
බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී පුද්ගලයන් 100 දෙනෙකු සඳහා ඊයේ(22) කළ පී. සී .ආර්. පරීක්ෂණ වලින් එය තහවුරු වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd