
නව කොරෝනා වයිරස ආසාදිතයන් මිලියනය ඉක්මවූ පළමු බටහිර යුරෝපීය රට බවට ස්පාඤ්ඤය පත්ව ඇත.
ස්පාඤ්ඤයෙන් බදාදා දිනය තුළදී පමණක් නව කොරෝනා වයිරස ආසාදිතයන් 16,973 දෙනකු හඳුනාගත් අතර එම පැය 24 කාලයේදී වයිරස ආසාදිත මරණ 156ක් වාර්තා වූයේ යැයි ද එරට සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
ස්පාඤ්ඤයෙන් පළමු නව කොරෝනා වයිරස ආසාදිතයා හඳුනා ගත්තේ ජනවාරි 31 වැනිදා ය.
එතැන් සිට මේ වනවිට ස්පාඤ්ඤයෙන් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,026,281කි. ලොව නව කොරෝනා වයිරස ආසාදිතයන් මිලියනයක් වාර්තා වන හයවැනි රට වන්නේ ද ස්පාඤ්ඤයයි. ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, බ්‍රසීලය, රුසියාව සහ ආර්ජන්ටිනාව යන රටවලින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මීට කලින් මිලියනය ඉක්මවා ගියේය.
යුරෝපයේ රටවලින් දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන පසුගිය සති කිහිපයේදී වාර්තා ගත අයුරින් ඉහළ ගියේය. මේ හේතුවෙන් රටවල් කිහිපයක්ම මේ වනවිටත් වයිරසයේ පැතිර යෑම වැළැක්වීම සඳහා සීමා පනවා ඇත.
වයිරස ආසාදිතයන් වාර්තා ගත අයුරින් වැඩිවීම නිසා රෝහල් පිරී යෑමේ අවදානමක් ද ඇති වී තිබේ.
රොයිටර්/ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd