IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


දිනකදී කොරෝනා ආසාදිතයින් ලක්ෂ 4 ක්

දිනක් ඇතුළත වාර්තා වූ ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන පළමු වරට ඉකුත්දා (16) 400,000 ඉක්මවා ගියේය.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් පසුව දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ද එය වේ.

එසේ දිනක් ඇතුළත වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන ඉහළ යනවිට වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යුරෝපය නැවත වරක් දැඩි සීමා පැනවීමට පියවර ගෙන ඇත.

ඇතැම් කලාප හා සංසන්දනය කිරීමේදී වයිරසයේ පළමු රැල්ල තරමක් දුරට හෝ සාර්ථකව පාලනය කරගැනීමට යුරෝපය සමත් වුවද, මේ වනවිට යුරෝපය නැවත වරක් වයිරසය පැතිර යෑමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ.

පසුගිය සති කිහිපයේදී යුරෝපයෙන් දෛනිකව වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණනේ සාමාන්‍ය 140,000ක් විය.

පසුගිය දින කිහිපයේදී කලාපයක් ලෙස ගත්විට යුරෝපයෙන් දෛනිකව වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන ඉන්දියාව, බ්‍රසීලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවලින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණනේ එකතුවටත් වැඩි ය.

පසුගිය සති කිහිපයේදී ලොව නන්දෙසින් වාර්තා වූ සෑම ආසාදිතයන් 100 දෙනකුගෙන් 34 දෙනකුම අයත්ව ඇත්තේ යුරෝපා රටවලට යැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. මේ වනවිට යුරෝපා කලාපයෙන් සෑම දින නවයකට වරක්ම ආසාදිතයන් මිලියනයක් වාර්තා වන අතර මේ වනවිට යුරෝපයෙන් වාර්තා වී ඇති වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 6.8 ඉක්මවයි.

ඔක්තෝබර් 18 වැනිදායින් අවසන් වූ සතියේදී යුරෝපයෙන් වාර්තා වූ වයිරස ආසාදිතයන්ගෙන් අඩකඩ ආසන්න ගණනක් වාර්තා වී ඇත්තේ එම කලාපයේ ප්‍රධාන රටවල් වන එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාව, නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය යන රටවලිනි.

දින හතක සාමාන්‍ය සැලකිල්ලට ගැනීමේ වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ප්‍රංශයෙනි. එරටින් දිනක් තුළ වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සාමාන්‍ය 19,425කි. ඉන් අනතුරුව නව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් වන්නේ එක්සත් රාජධානිය, රුසියාව, ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තය යන රටවල් ය.

නව කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් යුරෝපයේ ඇතැම් රටවල් මේ වනවිට පාසල් වසා දැමීමට ද පියවර ගෙන ඇත.

රුසියාව මේ වනවිට එරට සිසුන් අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම සඳහා යොමු කර තිබෙන අතර උතුරු අයර්ලන්තය පාසල් සති දෙකකට වසා දැමීමටත් අවන්හල් සති හතරකට වසා දැමීමටත් පියවර ගෙන ඇත.

බීමහල් සහ අවන්හල් දින 15කට වසා දැමීමටත් සාප්පුවලට පැමිණෙන පිරිස සීමා කිරීමටත් ස්පාඤ්ඤයේ කැටලෝනියේ ප්‍රදේශයේ බලධාරීහු පියවර ගත්හ.

චෙක් ජනරජය ද ඉගැන්වීම් කටයුතු දුරස්ථභාවය ඔස්සේ කිරීමට පියවර ගෙන ඇති අතර වෛද්‍ය කටයුතු සඳහා වෛද්‍ය සිසුන් කැඳවීමට ද තීරණය කර ඇත. එමෙන්ම රෝහල් වල අත්‍යවශ්‍ය නොවන වෛද්‍ය කටයුතු සීමා කර ඇඳන් නිදහස් කිරීමට පියවර ගෙන ඇත.

පෝලන්තය ද අවදානම් තත්ත්වයක සිටින බව එරට බලධාරීන් අනතුරු අඟවා ඇත. ඊට ප්‍රධානම හේතුව පසුගිය සතියේදී එරටින් වයිරස ආසාදිතයන් 6,526 දෙනකු හඳුනා ගැනීමත් වයිරස ආසාදිත මරණ 116ක් වාර්තා වීමත් ය. මේ තත්ත්වය හේතුවෙන් හෙද හෙදියන් පුහුණු කිරීමටත් හමුදාවට අයත් ස්ථාන රෝහල් ලෙස නිර්මාණය කිරීමටත් පෝලන්තය පියවර ගෙන ඇත.

නව කොරෝනා වයිරසයෙන් මේ වනවිට වැඩිම බලපෑමක් එල්ල වූ කලාපය බවට පත්ව ඇත්තේ ලතින් ඇමෙරිකානු කලාපයයි. දැනට ගෝලීයව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගෙන් සියයට 27ක් වාර්තා වන්නේ ලතින් ඇමෙරිකානු කලාපයෙනි. ඉන් අනතුරුව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ආසියාවෙනි. උතුරු ඇමෙරිකාව තෙවැනි තැනටත් යුරෝපය සිවුවැනි තැනටත් පත්ව ඇත.

සැප්තැම්බර් මාසය හා සැසඳීමේදී මේ මාසයේදී ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණනේ අඩුවක් දක්නට ඇත. සාමාන්‍යයක් ලෙස සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් දෛනිකව ආසාදිතයන් 69,000 ඉක්මවා වාර්තා විය. පසුගිය සති කිහිපයේදී එම ගණන 20,400කට වැඩි ගණනකින් පහත වැටී ඇත. එය සියයට 22ක අඩු වීමකි.

ඔක්තෝබර් 13 වැනිදා ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 55,342දෙනකු වාර්තා වූ අතර එය අගෝස්තු 18 වැනිදා ට පසු ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ අඩුම වයිරස ආසාදිතයන්ගේ ගණන වේ.

දැනට ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් සහ වැඩිම වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

රොයිටර්

055

 



අදහස් (0)

දිනකදී කොරෝනා ආසාදිතයින් ලක්ෂ 4 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31647 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14082 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11101 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 185 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1112 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site