
(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක)
පුද්ගලයින් 37 දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරුවීම මත අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් මාලිගාතැන්න, කූරිකොටුව සහ එළුවාපිටිය යන ග්‍රාමයෙන් තුන අද(11) වසා දමමින් අධි ආරක්ෂක කලාපයක් බවට පත්කිරීමට පියවර ගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.
මේ අනුව එම ප්‍රදේශයන්ට ඇතුළුවීම සහ පිටවීම තහනම් කර ඇති බවත් එම ප්‍රදේශයන්ට පිටත්තර කිසිවෙකුටත් පැමිණීමට නොහැකි වන ලෙසින් මාර්ග බාධක යෙදීමට ආරක්ෂක අංශ අවශ්‍ය පියවර ගෙන ඇති බවත් දිසාපතිවරයා සදහන් කළේය.
මාලිගාතැන්න, කූරිකොටුව සහ එලුවාපිටිය යන ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරී වසම් 7 ක් මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇති බැවින් එම ප්‍රදේශයන්හි වෙසෙන පවුල් 3688 කට අයත් සාමාජිකයන් 12,600 ක් පමණ වන පිරිසකගේ අවශ්‍යතා සපුරාලීමට අදාල ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් පාලන ආයතන මගින් පියවර ගනිමින් සිටින බවත් දිසාපතිවරයා පැවසීය.
එලුවාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිවරුන් සිව්නමකට සහ ගිහි පුද්ගලයෙකුටද වයිරසය ආසාදනය වී ඇතිබව තහවුරු වී ඇති අතර එම විහාරස්ථානයේ දී පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටි සිසු දරුවන් පිරිසක් වෙනුවෙන් ඊයේ (10) බෝධි පූජා පවත්වා ඇති බවද ප්‍රදේශවාසීහු පැවසූහ.
පෙරවරුවේ සිටම එළුවාපිටිය ප්‍රදේශයේ මාර්ග බාධක යෙදූ පොලිසිය පුද්ගලයින් ඇතුළු වීම සහ පිටවීම ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට හා දෙමාපියන්ට පමණක් සීමා කිරීමට කටයුතු කරනු ලැබීය. මෙම ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු යුද හමුදාව යටතට පත් කිරීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අත්තනගල්ලේ - මීරිගම ගම් 3ක් වසාදමයි