
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
කොළඹ ජාතික රෝහලේ සේවිකාවකට සහ සේවකයයන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය වාර්තා වලින් සනාථ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (10) ප්‍රකාශ කළාය.
ඒ හේතුවෙන් ඔවුන් සේවය කළ බව කියන අංක 2, අංක 3 සහ අංක 69 යන වාට්ටුද, ශල්‍යාගාරයක්ද තාවකාලිකව වසා දමා තිබේ. එම වාට්ටුවල සහ ශල්‍යාගාරයේ සේවය කරන වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයද, රෝගීන් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
COMMENTS
මෙච්චර අයට හැදෙනකන් අර ෆැක්ටරි එකේ පාලනාධිකාරිය බලන් හිටි නිසා අනිවාර්යයෙන් ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. අර සුපවයිසර් බලෙන්ම ඉස්පිරිතාලෙට ගිය නිසා මේක මෙහෙම වත් අහුවුණා. නැත්නම් රටටම බෝවෙලා තමයි පස්ස බලන්නේ...
පානදුර රෝහලේ ප්‍රවෘත්තියටත් ලිව්වා. කොරෝනා කියකියා ඉන්න. මෙන්න භයානකම ප්‍රවෘත්තිය. මම වේලාසනම කිව්වා මහා කලබලයකින් 20 ගේන්නේ ඇමරිකන් ජනාධිපතිවරණයට කලින් එම්සීසී ගිවිසුම අත්සන් කරන්න කියලා. හරියටම හරි. දැන් ඔක්තෝබර් 28 ඇමරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ ලංකාවට එනවලු. මොකොටද? වෙන මොකොටද, 20 වෙනි සංශෝධනය සම්මත කරගත්තට පස්සේ, ජනාධිපති එක්ක එම්සීසී ගිවිසුම අත්සන් කරන්න!!! පොම්පේයෝ මුලින් ඉන්දියාවට ඇවිල්ල ඊට පස්සේ ලංකාවට එනවා. ගිය පාරකුත් මෙයා මෙහෙම එන්න ආවා. දැන් පේනවනේ එක පාරට කොරෝනා ආවේ කොහොමද කියලා...? ලංකාවේ ඉන්න සියලු සිංහයින්ට කියන්නේ. නැගිටපල්ලා!!! සිරිසේන රනිල් හරහා ලංකාව බිලිගන්න ඇමරිකන්කාරයෝ මහින්දව පරද්දපු වෙලාවේ සිංහල සිංහයෝ නැගිට්ට විදිහටම, නැවත ඇමරිකාව, ඇමරිකන් පුරවැසියෙක් ලව්වා ලංකාව බිල්ලට ගන්න හදන එකට එරෙහිව නැගිටපල්ලා. කළු කොඩි ඔසවමු. ඇඳිරි නීතිය දාන්නත් ඉඩ තියෙනවා. මේ වගේ ජාතිද්‍රෝහීන්, දේශද්‍රෝහීන් බලයට ගෙනාපු හාමුදුරුවරුත් දැන්වත් අවදිවෙමු. කොරෝනා ආවේ මොකටද කියලා දැන් තේරෙනවා නේද?
ඒ විතරක් නෙමෙයි හොඳම එක මේක. 20වෙනි සංශෝධනය, ඔක්තෝබර් 28ට ඉස්සෙල්ලා සම්මත කරගත්තාට පස්සේ, ජනාධිපතිවරයා නැවත ඇමරිකන් වෙනවා. 20 වෙනි සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න සහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් කියන වගන්තිය දැම්මේ.. එම්සීසී ගිවිසුම අත්සන් කරන්න ඉස්සෙල්ලා ජනාධිපතිවරයාට "සම්පූර්ණ ජනාධිපති මුක්තිය" එක්කම නැවත ඇමරිකන් පුරවැසිකම ගන්න. ඒ කියන්නේ ජනාධිපතිවරයා ඔක්තෝබර් 28 රට පාවා දෙන ඇමරිකන් ගිවිසුම මයික් පොම්පේයෝ එක්ක අත්සන් කරන්නේ ඇමරිකන් පුරවැසියෙක් විදිහට... දැන් සැපද, හාමුදුරුවනේ? ඔබට සතුටුද, සිංහලයිනි?