රට තුළ නැවත උද්ගතව පවතින කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම සැළකිල්ලට ගනිමින් එක් එක් ප්‍රදේශයන්හි ක්‍රියාත්මක වන පෞද්ගලික උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු නවතා දැමීමට ප්‍රාදේශීය වශයෙන් තීරණය කෙරෙමින් පවතී.
එහි මුල්ම පියවර වශයෙන් වයඹ පළාත තුළ ක්‍රියාත්මක සියලුම උපකාරක පන්ති අද (7 ) සිට නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා නියම කළේය.
ඒ අනුව වයඹ පළාතට අයත් කුරුණෑගල, කුලියාපිටිය, පුත්තලම, හලාවත, නාරම්මල ආදි ප්‍රධාන නගර ඇතුළු නගරවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ.
පැතිර යන කොරෝනා වයිරසය අවදානම හමුවේ සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කිරිම පිණිස රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති නැවැත්වීමටද රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය කාධක බලකා කමිටුව තීරණය කර තිබේ.
සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය කාධක බලකා කමිටුව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල රැස්වීම් ශාලාවේදී රැස්විය. රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස්, ආරක්‍ෂක, රාජ්‍ය, පළාත් රාජ්‍ය, සංස්ථා, දෙපාර්තමේන්තු, ස්වේච්ඡා සංවිධාන ප්‍රධානීන්ගෙන් මෙම කමිටුව සමන්විතය.
ඒ අනුව නැවත දැනුම් දෙනතුරු රත්නපුර දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති නොපැවැත්වීමට කමිටුව තීරණය කරනු ලැබීය. එසේම පහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත විභාග මධ්‍යස්ථාන සියල්ලම විෂබීජානුහරණය කිරිමට ද තීරණය කෙරිණ.
සබැඳි
රත්නපුර දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති තාවකාලිකව නවත්වයි
කුරුණෑගල සියලුම උපකාරක පන්ති තාවකාලිකව නවත්වයි
මධ්‍යම පළාතේ උපකාරක පන්තිත් තාවකාලිකව නවත්වයි
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
උපකාරක පන්ති නවත්වයි
malaka Wednesday, 07 October 2020 06:05 AM
ලොකු දෙයක්... සදහටම වහලා දාන්න පුළුවන් නම් හොඳ සමාජයක් බිහිවෙයි අනාගතයේදී...