IMG-LOGO

ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 9 කට කොරෝනා

(ජේ.කේ.එල්. චාමින්ද)

කොරෝනා  වයිරසය ආසාදනය වි ඇති  දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 23 දෙනෙකුගේ පි.සි.ආර්. පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකළ බවත්  අද (06) පස්වරුවේ ලැබුණු පරික්ෂණ වාර්තා වලට අනුව ඉන් 09 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ  වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

මේ 9 දෙනා අතර කාන්තාවන් 08 දෙනෙකු හා  පිරිමි  එක් අයෙකු සිටින බව සදහන් කළ ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා  මොවුන් වැඩිදුර ප්‍රතිකාර සදහා වැලිකන්ද රෝහල වෙත  පිටත්කර යැවිමට කටයුතු කරන බව සදහන් කළේය. 

පි. සි.ආර් පරික්ෂණ සදහා  හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබූ ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් අතුරින්  23 දෙනෙකුගේ  පි. සි.ආර්. පරික්ෂණ  සදහා ජිව සාම්පල් ලබාගැනිම  ඊයේ (05) හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ දි  සිදුකළ අතර පි. සි ආර්. පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ජෛව රසායනාගාරයේ දි සිදුකරනු ලැබිය. 

එම පරික්ෂණ වාර්තා අද (6) පස්වරුවේ ලැබි ඇති  අතර ඉන් 9 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කළේය.



අදහස් (0)

ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 9 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 143 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 430 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site