
(හර්ෂණ තුෂාර සිල්වා)
ගෝලීය අර්බුද රැසක් ඇති කළ නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19’ වයිරසය මර්දනය කිරීම සඳහා රුසියාවේ විද්‍යාඥයන් සොයාගත් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද විගස එය ශ්‍රී ලංකාවට ලබාදෙන බව මෙරට රුසියානු තානාපති යූරි මතේරි මහතා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අද (21) දැනුම් දුන්නේය.
ඔහු මේ බව දැනුම් දීම කළේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හමු වූ අවස්ථාවේදීය.
රජය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාවට නව කොරෝනා වයිරසය සාර්ථකව මර්දනය කිරීමට හැකි වූ බවත් ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවටත් එම වගකීම බාරගෙන ඊට නායකත්වය දුන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් රුසියානු රජයේ ප්‍රශංසාව පළ කරන බව ද තානාපතිවරයා එහිදි කීවේය.
විද්‍යාඥයන් මාස දෙකක් තිස්සේ මනුෂ්‍යයන් යොදාගෙන කළ පරීක්ෂණ සාර්ථක වී ඇති බවත් කොවිඩ්-19’ එන්නතට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී ඇති බවත් රුසියාව ඉකුත් දා (11) ප්‍රකාශ කළේය.
විද්‍යා ක්ෂේත්‍රයේ ලබාගත් ජයග්‍රහණය නිවේදනය කරමින් එන්නත තම දියණියකට ලබාදුන් බව ද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එහිදි පැවැසීය.
රුසියාවේ විද්‍යාඥයන් සංවර්ධනය කළ එන්නත තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා ලබන සතියේදී පුද්ගලයන් 40,000කට ලබාදීමට නියමිතව බව රුසියානු මාධ්‍ය පෙරේදා (20) වාර්තා කර තිබිණි.
මේ අතර මෙම එන්නත සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු ලබාගැනීම සඳහා රුසියාව සමඟ සාකච්ඡා පවත්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ මොන ලෝක සෞඛ්‍ය සංවිධානද.? අර ඉන්දියාවේ ඉඳන් හොරෙන් බෙහෙත් ගේන කෙනෙකුට කිව්වානම් සතියෙන් රටටම ඇතිවෙන්න බෙහෙත් ගෙනෙල්ලා දෙනවා.
මේ එන්නත අවශ්‍ය ප්‍රමාණයට ටෙස්ට් කළේ නැහැ කියන එක පිළිගන්න බැහැ. මේ බ්‍රිතාන්‍යයේ සොයාගත් එන්නතයි. රුසියානුවන් එය ඉස්සුවා. ඒ නිසා බ්‍රිතාන්‍ය පර්යේෂකයන් කරන 3 වන අදියරේ ටෙස්ට් මේකටත් අදාලයි.
ඉස්සෙලම තමන්ගේ රටේ අයට දීලා ඉන්න.
බටහිර කුහකයින් මේක රුසියන් නිෂ්පාදනයක් හින්දා විකාර කියවනවා. සමහර අය කසාය බීපු ගොළුවන් වගේ ඉන්නවා. මොකද මේ වගේ එකක් තාම ඒ අයට හිතාගන්නවත් බැරිවුණ හින්දා රුසියානු එන්නතට ජයවේවා..!!!
ඔය ධනවාදී අධිරාජ්‍යවාදී අය කියන ඒවා අහන්න එපා.
ඇත්තටම අද වනවිට හොයාගන තියෙන හොඳම ඉන්ජෙක්ෂන් එක රුසියාවෙ එක. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දුන්නොත් ඉක්මනින් අපට ලැබෙනවා කියන්නෙ මෙච්චර කරපු අපේ කැපවීමට ලොකු අගැයීමක්. කුහකයින් මොනවා කිව්වත් ලෝකෙ කොරෝනා මර්ධනය කරපු රටවල් අතර අපිත් ඉදිරියෙන් ඉන්නවා.
ලෝක සෞඛ්‍ය සංවිධනයේ අවසර ලැබුනට එකපාරටම මෙම එන්නත් භාවිත නොකරොත් හොඳයි කියලා හිතනවා. සමහරවිට පසුකාලීනව විවිධ කරදර වලට මුහුණ දෙන්න වෙයි කියලා හිතෙනවා. ජ්‍යාත්යන්තර ක්‍රීඩා තරඟ වලදී ලංකාවේ ක්‍රීඩකයන් උත්තේජන භාවිත කරලා කියලා වගේ චෝදනා කරන්න පුළුවන්. රුසියාව දැනටම ඔලිම්පික් වැනි තරංග තහනමට ලක්වී තිබෙන්නේ රටක්. ලංකාවට කොවිඩ් 19 ට දේශීය වෙදකම හොඳටම ඇති කියල හිතනවා.