
රුසියාවේ නිෂ්පාදනය කළ කොරෝනා ප්‍රතිරෝධී එන්නත ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට බලාපොරොත්තුවෙන් සිටින බව රුසියානු තානාපති යූරි මැටේරි මහතා, නව රජයේ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී තිබේ.
කොරෝනා ප්‍රතිරෝධී එන්නත හඳුන්වාදීම පිළිබඳ යෝජනාව අමාත්‍යවරයාට දන්වමින් මැටේරි මහතා මේ බව සඳහන් කර ඇත.
ශ්‍රී ලාංකිකයන්ට භාවිත කිරීම සඳහා මෙම එන්නත ලබාදීමට රුසියානු තානාපතිවරයා කැමැත්ත පළ කළ බවද, එය ලබාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට දෙරට අතර සබඳතා පවත්වාගන්නා ලෙස දැනුම් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය බලධාරීන්ගෙන් උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව මෙයට ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා පැවසීය.
16844

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයි හාමුදුරුවනේ... මේ රුසියානු එන්නතේ අනාරක්ෂිත භාවය ගැන ලෝකයේ හතරවටේ කතාවෙනවා.. රුසියාව හදන්නේ දුප්පත් අපේ රට ඒ ගොල්ලන්ගේ එන්නත පරීක්ෂා කරන තැනක් කරගන්න.. අපේ මතුපරම්පරාවට දෙවි පිහිටවත් නැහැ.
ටෙස්ට් කරන්නද?
කොහොමත් මේ එන්නත සත්තුන්ටත් අන්ත, තිරිසන් ගතිපැවතුම් තියන අයට විදලා ටෙස්ට් කර බලන්න රුසියාව අරගෙන තියන තීරණය නිවැරදියි. බලය වෙනුවෙන් ත්‍රස්තවාදීන්ව පෝෂණය කරලා තම වර්ගයාවම නැසූ (අප්‍රියල් 21 ප්‍රහාරය) ජාතිය ගැන රුසියානුවන් පවා දැනුවත් ඇති...
මේ යොදාගෙන තවම තුන්වන අදියරේ පරීක්ෂාවක් සිදුකර නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනුමත කර නැහැ. තාම මාස තුනකින් පමණ චීන එන්නත පරීක්ෂණ අවසන් කරනවා. එයාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණොත් නොමිලේ ලබාගත හැකියි. එතෙක් ඉවසන්න. මිනිසුන්ගේ ජීවිත අවදානමකට නොදා...
නව එන්නතක් අලුතෙන් සොයා ගත්තාම එය ටෙස්ට් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන නිර්භීත පුද්ගලයින් ලෝකයේ සිටිනවා. මනුෂ්‍ය වර්ගයාගේ සුබ සිද්ධිය වෙනුවෙන් තම ජීවිතය කැප කිරීමට තරම් නිර්භීත පුද්ගලයෙක් සිටින නිසා තමයි අනිත් අයටත් එ් එන්නත ගන්න ලැබෙන්නේ... ලංකාවේ අයට ඒ වගේ එන්නතක් සොයා ගන්නත් බෑ.. අඩුම ගානේ වෙනරටක් හොයා ගත්තාම ටෙස්ට් කරන්න ඉදිරිපත් වෙන්නත් බැහැ.
මේක ලැබෙනවා නම් කබරගොයත්, තලගොයා කරන්න පුළුවන් නේද?
අලුත් එන්නතක ගුණ අගුණ දැනගන්න වසර කිහිපයක් යනවා.. මේක ලංකාවට ගේන්න එපා. හොඳනම් පසුව ගන්න පුළුවන්...
රුසියාව බොහෝදේවල් වලින් අනික් රටවල් වලට වඩා ඉහළින් ඉන්න රටක්. බය වෙන්න දෙයක් නැහැ. ඔය ඇමරිකාව ෆාමසි බෙහෙත් මාෆියාවට පහර වදිනවාට බයේ කියන කතා ගණන් ගන්න එපා...
රුසියාවෙන් කොරෝනා ප්‍රතිවිරෝධී එන්නත් ලබාගැනීම හොඳයි.. නමුත් මම විශ්වාස කරන විදිහට කොරෝනා වලින් හොඳටම ජයගත්තේ ශ්‍රී ලංකාව.. ඒ ඔය එන්නත තිබිලා නෙමෙයි එහෙම නම් ඔයිට වඩා හොඳ එන්නතක් ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ..
ඇමෙරිකාවට දෙන්න එපා...