පැය 24 ක් තුළ විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් අතුරින් 53 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
කොවිඩ් -19 වයිරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පවත්වාගෙන යනු ලබන නිල වෙබ් අඩවිය අනුව ඊයේ (අගෝස්තු 31 වැනිදා) වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබූ කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 3018 කි. එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශයේම බෝවන රෝග හා වසංගත රෝග විද්‍යා අංශයේ නිල වෙබ් අඩවියේ සටහන් වන නවතම තොරතුරු අනුව අද වන විට ශ්‍රී ලංකාවෙන් හමුවු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3071 ක් වී තිබේ.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 11දෙනකු සුවය ලබා අද(11) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද දිනයේදී සුවය ලබා පිටව ගිය පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් දෙදෙනෙක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් 5දෙනෙක්ද, ඉරණවිල රෝහලෙන් 3දෙනෙක්ද, මිනුවන්ගොඩ මූලික රෝහලෙන් එක් අයෙක්ද වෙති.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 2868ක් වන අතර, මේ වනවිට 191දෙනෙක් තවදුරටත් රෝහල්වල රැඳී ප්‍රතිකාර ලබමින් සිටිති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පැය 24 ට ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගීන් 53 ක්