කොරෝනා එන්නත ඕස්ට්‍රේලියානුවන්ට නොමිලේ ඕස්ට්‍රේලියාව නිෂ්පාදනය කරන කොරෝනා එන්නත එරට මිලියන 25ක් පමණ වන සම්පූර්ණ ජනතාවටම නොමිලේ ලබා දීමට තීරණය කර ඇති බව අගමැති ස්කොට් මොරිසන් මහතා පවසයි. 19 August 2020
සුවය ලැබූ 79ක් පිටව යති-රෝගීන් සංඛ්‍යාව 134ට බසී කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 79දෙනෙකු සුවය ලබා අද(18) පිටව ගිය බව උදෑසන 10.00ට වාර්තාවක් නිකුත් කරමින් වසංගත රෝග විද්‍යා අංශය කියයි. 18 August 2020
විදෙස්ගතව සිට පැමිණි 7 දෙනෙකුට කොරෝනා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් පස්දෙනෙකු සහ ඕමාන් සිට පැමිණි දෙදෙනෙකු කොවිඩ් - 19 ආසාදිතයින් ලෙස අද (17) හඳුනාගෙන තිබේ. 17 August 2020
තවත් 6ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 6දෙනෙකු සුවය ලබා අද(17) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 17 August 2020
දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට දකුණු කොරියාවේ කොරෝනා වයිරස ආසාදනය වූ පුද්ගලයින් 197 දෙනෙකු අද (17) හමු වී ඇති බව එරට සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් ගාඩියන් පුවත් සේවය වාර්තා කර සිටී. 17 August 2020
සුවය ලැබුවෝ 4 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 4 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ. ඒ අනුව අද (16) දිනය වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 213 ක් දක්වා පහළ බැස තිබේ. 16 August 2020
රාජාංගණයේ ගුරු-සිසු 56 සහ ගැමියෝ 40 ක් නිරෝධායනයට කොරෝනා ආසාදනය වී සිටින රාජාංගණය යාය පහ ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවා ඉගෙනුම ලබන පාසලේ සිසුන් 50 දෙනෙකු සහ ගුරුවරුන් 6 දෙනෙකු සහ එම ප්‍රදේශයේ පුද්ගලයන් 40 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කළ බව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ පාලිත බණ්ඩාර මහතා අද (14) පැවසිය. 14 August 2020
තවත් 12ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 12දෙනෙකු සුවය ලබා අද(14) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 14 August 2020
චීනයට ආනයනය කළ කුකුළු මස් තොගයක කොරෝනා බ්‍රසීලයේ සිට චීනයේ දකුණු දිග නගරයක් වන ෂෙන්සෙන් වෙත ගෙනයන ලද ශීත කළ කුකුළු මස් තොගයක කොරෝනා වයිරසය හමුවී ඇතැයි චීන රජය පවසයි. 13 August 2020
තවත් 8ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 8දෙනෙකු අද(13) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 13 August 2020
ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හෙට සිට යළි විවෘතයි කොවිඩ් 19 හේතුවෙන් දින 14ක් වසා දැමුණු ලංකාපුර ප්‍රදේශිය ලේකම් කාර්යාලය හෙට (14) සිට නැවත මහජනතාව වෙනුවෙන් විවෘත කරන බව ලංකාපුර ප්‍රදේශිය ලේකම් ඉන්දික කරුණාරත්න මහතා පැවසීය. 13 August 2020
කොරෝනා ආසාදිත ඉන්දීය නෞකා ආරක්ෂකයා අයිඩීඑච් රෝහලට ඊජිප්තුවේ සිට ගාලුවරායට ගොඩබසිනු ලැබු නෞකා මුහුදු ආරක්ෂකයකු වශයෙන් සේවය කරන ඉන්දියානු ජාතිකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයේ දී තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. 13 August 2020
තවත් 16ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 16දෙනෙකු සුවය ලබා අද(12) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 12 August 2020
කොරෝනා ආසාදිතයින් 9 ක් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (11) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 2880 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. 11 August 2020
රුසියාවෙන් කොරෝනා ප්‍රතිරෝධී එන්නතක් කොරෝනා වයිරසය මැඬපැවැත්වීමට සමත් එන්නතක් රුසියාව විසින් නිපදවා ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා පවසයි. රුසියාව තුළ සංවර්ධනය කරන ලද මෙම එන්නත භාවිතය සඳහා ලියාපදිංචි කර ඇති බවත් තමන්ගේ දියණියක දැනටමත් මෙම කොරෝනා ප්‍රතිරෝධී ඖෂධය එන්නත් කරගෙන ඇති බවත් රුසියානු ජනාධිපතිවරයා පැවසූ බව ‘හින්දුස්තාන් ටයිම්ස්‘ මෙන්ම ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා‘ වෙබ් අඩවියද වාර්තා කරයි. 11 August 2020
තවත් 29ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 29දෙනෙකු අද(11) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 11 August 2020
රටවල් තුනක සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ 222 ක් පැමිණෙති විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන් යළි සිය රට වෙත ගෙන්වා ගැනීමේ වැඩසටහනට අනුව , එහි දෙවන අදියර යටතේ අද(11) දහවල් 12.15 වනවිට ශ්‍රී ලාංකිකයන් 222 දෙනෙකු රටවල් 03 ක සිට ගුවන් යානා 04 කින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 11 August 2020
තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වෙයි කොරෝනා ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (10) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ රෝගීන් ගණන 2870 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 10 August 2020
ඉන්දියාවේ හිටපු ජනපතිට කොරෝනා ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්රනාබ් මුකර්ජි මහතාට කොවිඩ් -19 වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇතැයි එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කර ඇත. 10 August 2020
කොරෝනා වයිරසයෙන් ඉන්දියාවේ වෛද්‍යවරු 200ක් මියගිහින් කොවිඩ් -19 වසංගතයට ගොදුරුවීමෙන් ඉන්දීය වෛද්‍යවරු 201 දෙනෙකු මියගොස් තිබේ. ඉන්දීය වෛද්‍ය සංගමයේ මහලේකම් වෛද්‍ය ආර්.වී අසෝකන් මහතා උපුටා දක්වමින් එරට ඒ.එන්.අයි පුවත්සේවය මේ බව වාර්තා කර ඇත. 10 August 2020
අභිෂේක් බච්චන් කොරෝනාවෙන් සුවය ලබයි කොරෝනා වයිරසය අසාදනය වීම නිසා දින 20 කට වැඩි කාලයක් රෝහල් ගතවී සිටි බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් මුහුණ දුන් අවසන් පී.සී.ආර්. පරීක්ෂණයෙන් සමත් වී තිබේ. එහි ප්‍රතිඵල අනුව අභිෂේක් කොරෝනා රෝගී තත්වයෙන් සුවය ලබා සිටී. 08 August 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 252 ට බහී කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබු පුද්ගලයින් 12 දෙනකු අද (8) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව පසුගිය දින 12 ක කාලයේදී කොරෝනා ආසාදිත රෝගීන් 421 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. 08 August 2020
සුවය ලැබූ 23ක් පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 23දෙනෙකු සුවය ලබා අද(07) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 07 August 2020
ඉන්දියාව කොරෝනා ආසාදිතයන් මිලියන දෙක පසුකරයි නිල සංඛ්‍යාලේඛන වලට අනුව ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන දෙක පසුකර තිබේ. 07 August 2020
සුවය ලැබූවෝ 4 ක් පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා අද (6) පුද්ගලයින් සිව් දෙනෙකු පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශ සඳහන් කරයි. 06 August 2020
ඉන්දියාවේ ප්‍රවීණ ගායක බාලසුබ්රමනියම්ට කොරෝනා ඉන්දියාවේ ප්‍රවීණ ගායකයෙකු වන එස්.පී බාලසුබ්රමනියම්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 06 August 2020
ලොවපුරා කොරෝනා මරණ ලක්ෂ හත ඉක්මවයි රොයිටර් පුවත් සේවය විසින් සිදුකළ ගනණය කිරීම් වලට අනුව ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 700,000 ඉක්මවා ඇතැයි වාර්තා වේ. 06 August 2020
තවත් කොවිඩ් ආසාදිතයෙක් තවත් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග අංශය සඳහන් කරයි. 05 August 2020
ඕස්ට්‍රේලියාවෙන් වැඩිම කොරෝනා ආසාදිතයින් අදින් වාර්තා වෙයි ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද (5) දිනයේ කොරෝනා ආසාදිතයින් 725 දෙනෙකු හා ආසාදිත මරණ 15 ක් වාර්තා වී තිබේ. 05 August 2020
සුවය ලැබූ 13ක් පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 13දෙනෙකු අද(05) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 05 August 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026