තවත් කොරෝනා ආසාදිතයින් 6 ක් කොරෝනා වයිරසය ආසාදිතයින් හය දෙනෙකු අද (04) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2834 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 04 August 2020
සිංගප්පුරුවෙන් සංචරණ කටයුතු සදහා නව පියවරක් විදෙස් රටවලින් පැමිණෙන සංචාරකයින් හා රැකියාවල නිරතවන්නන් සංචරණ කටයුතු සිදුකිරීමේ දී පැළඳ සිටිය යුතු නව උපකරණයක් හඳුන්වා දීමට සිංගප්පුරු රජය පියවර ගෙන තිබේ. 04 August 2020
තවත් 7ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 7දෙනෙකු සුවය ලබා අද(04) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 04 August 2020
දඹුල්ලේ සම්බාහන මධ්‍යස්ථාන දෙකක 13 ක් නිරෝධායනයට නිරෝධායන නීතියට පටහැනිව රූපලාවන්‍යගාර පවත්වාගෙන යන මුවාවෙන් සම්බාහන මධ්‍යස්ථාන සහ විවිධ ලිංගික උත්තේජන කටයුතු සිදුකළ දඹුල්ල ඉනාමළුව ස්ථාන දෙකක් වටලා 13 දෙනෙකු නිරෝධායනයට යොමු කිරිමට දඹුල්ල සහ සීගිරිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද (4) පියවර ගත්හ. 04 August 2020
මැනිලා නුවරට යළිත් අගුළු දමයි කොරෝනා ආසාදිතයින් වැඩිවීම හේතුවෙන් පිලිපීනයේ මිලියන ගණනක් ජනතාව සඳහා නැවත අගුළු දැමීම ක්‍රියාත්මක කිරීමට එරට රජයට සිදුවී තිබේ. 04 August 2020
අඛණ්ඩව පස්වැනි දිනටත් ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 50,000ක් ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සහ ප්‍රාන්ත දෙකක මහ අමාත්‍යවරුන් දෙදෙනකු නව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කර ඇත. 03 August 2020
ස්වයං නිරෝධායනය ට ලක් වෙමින් සිටි පුද්ගලයකු අයි.ඩී.එච් රෝහලට සීෂෙල්ස් රාජ්‍යයේ සිට පැමිණ දින 14 ක් නිරෝධායනය වී නිවසට පැමිණ ස්වයං නිරෝධායනය වෙමින් සිටි 54 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් අද (03) ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 03 August 2020
තවත් කොරෝනා රෝගීන් 5 දෙනෙක් කොවිඩ් -19 ආසාදිතයින් පස්දෙනෙකු අද (03) හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 03 August 2020
පාළුවැව සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ 500 ක් පී.සී.ආර්.පරීක්ෂණයට කොරෝනා වයිරසය ආසාදනය වූ සිවිල් ආරක්ෂක භටයා සේවය කළ හිඟුරක්ගොඩ පාළුවැව පිහිටි සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ 500 දෙනෙකුගේ පී.සී.ආර්.පරීක්ෂණ අද (03) දිනයේ සිදුකළ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 03 August 2020
ලංකාපුරෙන් තවත් කොරෝනා ආසාදිතයෙක් පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් කොරෝනා රෝගියෙකු අද (03) හමු වූ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා පැවැසීය. 03 August 2020
සැනිටයිසර් පානය කිරීමෙන් ඉන්දියානුවෝ 10 ක් මිය යති ඇල්කොහොල් භාවිත කර නිෂ්පාදනය කළ අත් සෝදන දියර (සැනිටයිසර්) පානය කිරීමෙන් ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ 10 දෙනෙක් පමණ මියගොස් ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටී. 03 August 2020
ලංකාපුර 90ක් ස්වයං නිරෝධායනයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ලංකාපුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අලුතින්ම හමුවූ කොරෝනා රෝගියාගේ ආශ්‍රිතයින් ලෙස පවුල් 19කට අයත් පුද්ගලයන් 90 දෙනෙකු සිය නිවෙස්වල ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇතැයි පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ,වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා අද(03) පැවැසීය. 03 August 2020
ඉන්දියාවේ ස්වදේශ කටයුතු ඇමැතිට කොරෝනා ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර වෛද්‍ය උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු රෝහල් ගත කර ඇත. 03 August 2020
තවත් කොරෝනා රෝගීන් පස්දෙනෙක් මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2822 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 02 August 2020
ලංකාපුර ප්‍රා.ලේකම් කාර්යාලයේ සිටි සිවිල් ආරක්ෂක භටයෙකුට කොරෝනා පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරී කළ සිවිල් ආරක්ෂක භටයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිබව පී.සී.ආර් පරීක්ෂණවලින් තහවුරුවී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා අද (02) ප්‍රකාශ කළේය. 02 August 2020
ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 54,000ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (2) වාර්තා වූ අතර එම ගණන 54,000 ඉක්මවා ගියේය. 02 August 2020
කොරෝනා ආසාදිත මවගේ බිළිඳා නිරෝගීයි කොවිඩ් - 19 වයිරසය ආසාදිත මවකට අලුත උපන් බිළිඳාට වයිරසය ආසාදනය වී නොමැති බව කොළඹ - නැගෙනහිර රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා තහවුරු කළේය. 02 August 2020
සුවය ලැබුවෝ 74 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 74 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ. 02 August 2020
ජූලි මාසයේදී ඇමෙරිකාවෙන් කොරෝනා වයිරස ආසාදිත මරණ 25,000ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ජූලි මාසයේදී නව කොරෝනා වයිරස ආසාදිත මරණ 25,000ක් වාර්තා වී ඇතැයි ප්‍රාන්ත 19කින් වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී ඇතැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 02 August 2020
පැය 24 කදී කොරෝනා ආසාදිතයන් 292,000 ක් අවසන් පැය 24 කාලයේදී ලොව නන්දෙසින් වාර්තාගත නව කොරෝනා වයිරස ආසාධිතයන් විශාල ගණනක් වාර්තා වී ඇතැයි ද එම ගණන 292,000 ඉක්මවන්නේ යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. 01 August 2020
වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගත වූ පැය 24තුළදී නව කොරෝනා වයිරස ආසාධිතයන් 397 දෙනකු හඳුනාගෙන ඇති අතර වයිරස ආසාධිත මරණ 3ක් වාර්තා වී ඇත. 01 August 2020
සුවය ලැබූ ආසාදිතයෝ 58ක් පිටව යති ශ්‍රී ලංකාවේ, කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි 58 දෙනෙකු අද(31) සුවය ලබා පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 31 July 2020
මීරිගම නිදහස් වෙළඳ කලාපයේ 100කට පීසීආර් පරීක්ෂණ මීරිගම ලෝලුවාගොඩ නිදහස් වෙළෙද කලාපයේ සේවය කරන අය අතරින් අහඹු ලෙස තෝරාගත් 100ක් දෙනා අද(31) කෝවිඩ්-19 රෝගය සම්බන්ධයෙන් පී.සී. ආර් පරීක්ෂණයට ලක් කළ බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. 31 July 2020
තවත් කොරෝනා ආසාදිතයින් 4 ක් තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 2814 ක් දක්වා ඉහළ ගොස් ඇත. 30 July 2020
සුවය ලැබුවෝ 16 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 16 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ. 30 July 2020
ආසාදිතයකු හමුවීමෙන් ලංකාපුර ප්‍රා.ලේ කාර්යාලය වහයි පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු කාර්යාල කාර්ය සහායකවරයකු කොරෝනා ආසාදිත බවට තහවුරු විමෙන් පසුව අද (30) දිනයේ සිට එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සෞඛ්‍ය හේතූන් මත තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලොන්නරුව ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා පවසයි. 30 July 2020
කොරෝනා වයිරසයෙන් ඇමෙරිකාවේ මිය ගිය ගණන 150,000 ඉක්මවයි කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව අද (29) 150,000 පසු කර ගියේය. 30 July 2020
සෑම මිනිත්තුවකදීම ඇමෙරිකාවේ කොරෝනා ආසාදිත මරණයක් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් සෑම මිනිත්තුවකදීම ඇමෙරිකා එක්සත් ජනපදයේ පුද්ගලයකු මරණයට පත්ව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 30 July 2020
පීඑච්අයි වර්ජනයෙන් පසු පීසීආර් පරීක්ෂණ යළි අරඹයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් නතර වී තිබූ පී.සී.ආර්. පරීක්ෂණ දින පහකට පසුව අද (29) යළි ආරම්භ කෙරිණි. 29 July 2020
සුවය ලැබුවෝ 21 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 21 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ. 29 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026