(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් කොරෝනා රෝගියෙකු අද (03) හමු වූ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා පැවැසීය.
එම රෝගියා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරී කල සිවිල් ආරක්‍ෂක භටයාගේ පස් හැවිරිදි දියණිය බවද ඒ මහතා කීය.
සිවිල් ආරක්‍ෂ භටයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ ( 02) වැනිදා පී.සී.ආර් පරීක්‍ෂණ වලින් තහවුරු කරගෙන තිබුණි.
ඉන් පසුව ඔහුගේ බිරිඳ සහ දියණිය පී.සී.ආර් පරීක්‍ෂණ සඳහා යොමුකර පොලොන්නරුව මහ රෝහලේ කොවිඩ් 19 සැකකටයුතු අය රඳවා තබන වාට්ටුවක නේවාසිකව සිටි අතර එම පරීක්‍ෂණ වාර්තාවලින් දැරියට කොරෝනා වයිරසය ආසාදිතවී ඇති බව තහවුරුවී ඇතැයි වෛද්‍ය කුමාරවංශ මහතා මහතා ප්‍රකාශ කළේය.
මේ අනුව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මේ වනවිට හමුවී ඇති කොරෝනා රෝගීන් ගණන 12ක් බව සෞඛ්‍ය අංශ නිල දත්ත අනාවරණය කරයි.
මේ රෝගීන් සියළුම දෙනා සමාජයෙන් හමුවූ රෝගීන් නොව කන්දකාඩු කොරෝනා පොකුරේ දිගුවක් ලෙසට හඳුනාගෙන ඇතැයි ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා වැඩිදුරත් සඳහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ලංකාපුරෙන් තවත් කොරෝනා ආසාදිතයෙක්