අවසන් පැය 24 කාලයේදී ලොව නන්දෙසින් වාර්තාගත නව කොරෝනා වයිරස ආසාධිතයන් විශාල ගණනක් වාර්තා වී ඇතැයි ද එම ගණන 292,000 ඉක්මවන්නේ යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගත වූ අවසන් පැය 24 දී, එනම් සිකුරාදා දිනයේදී ලොව විවිධ රටවලින් වාර්තා වූ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණනේ එකතුව 292,527කි.
ඉන් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවලින් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. අවසන් පැය 24 දී ලොව විවිධ රටවලින් වාර්තා වී ඇති වයිරස ආසාධිත මරණ ගණනේ එකතුව 6,812කි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අවසන් වරට දිනක් ඇතුළත වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ ජූලි 24 වැනිදා ය. එදින වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 284,196ක් විය. එදින, එනම් ජූලි 24 වැනිදා වාර්තා වූ ගෝලීය වයිරස ආසාධිත මරණ ගණන 9,753ක් විය. එය නව කොරෝනා වයිරස වසංගතය ලොවපුරා පැතිර යෑමට ගැනීමෙන් පසු දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම මරණ ගණනද වේ. ජූලි මාසයේ දී දෛනික ව වාර්තා වන වයිරස ආසාධිත මරණ ගණනේ සාමාන්‍ය 5,200ක් යැයි එය ජූනි මාසයේදී 4,600ක අගයක පැවැතියේ යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
- රොයිටර්ස්
055
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පැය 24 කදී කොරෝනා ආසාදිතයන් 292,000 ක්