IMG-LOGO

අඛණ්ඩව පස්වැනි දිනටත් ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 50,000ක්

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සහ ප්‍රාන්ත දෙකක මහ අමාත්‍යවරුන් දෙදෙනකු නව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කර ඇත.

ඒ අතරවාරයේදී අඛණ්ඩව පස්වැනි දිනටත් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඊයේ (3) 50,000 ඉක්මවා ගියේය.

අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ (3) දින පස්වරුවෙන් අවසන් වූ පැය 24 කාලයේදී වාර්තා වූ නව වයිරස ආසාදිතයන්ගේ ගණන 52,972ක් විය. ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 1.8කි. ලොව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. තෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් සහ ආසාදිතයන්ගේ ගණන මිලියනය ඉක්මවූ අනෙක් රට වන්නේ අසල්වැසි ඉන්දියාවයි.

අවසන් පැය 24 කාලයේදී ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිත මරණ 771ක් වාර්තා වූ අතර ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 38,135ක් දක්වා ඉහළ ගියේය.

ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය පක්ෂයේ සභාපතිවරයා මෙන්ම එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ද වන අමිත් ෂාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඊයේ වාර්තා විය. හෙතෙම වෛද්‍ය උපදෙස් මත රෝහල් ගත කර ඇත.

ඔහු ඇතුළත් කර ඇත්තේ පෞද්ගලික රෝහලකට වන අතර ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවලින් දැඩි විරෝධයක් ද එල්ල වී තිබිණි. කර්නාටක ප්‍රාන්තයේ සහ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමැතිවරුන් ද නව කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කර තිබිණි.

“පසුගිය දින කිහිපයේ මා අසළට පැමිණි මා සමඟ සිටි සියලු දෙනා හුදෙකලා වී ස්වයං-නිරෝධායනය වෙන්න. වයිරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කරගන්න” තමාට කෝවිඞ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි සඳහන් කරමින් අමිත් ෂා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ එලෙස දැක්විණි.

අමිත් ෂා අවසන් වරට අග්‍රාමාත්‍ය මෝදි මුණ ගැසුණේ කවදාදැයි විමසූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් තමාට නිශ්චිතව කිව නොහැකි යැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක කීය.

රොයිටර්

055

 



අදහස් (0)

අඛණ්ඩව පස්වැනි දිනටත් ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 50,000ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 154 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 447 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site