කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව අද (29) 150,000 පසු කර ගියේය.
‘කොවිඞ්--19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොව ඕනෑම රටකින් වාර්තා වන වාර්තා වන වැඩිම මරණ ගණන වන්නේ ද එයයි. එමෙන්ම ලොව සමස්ත වයිරස ආසාදිත මරණ ගණනින් හතරෙන් එකකට ද එම මරණ ගණන සමාන වේ.
වයිරසය වේගයෙන් පැතිර යන රටවල් 20 අතරින් පුද්ගලයන් 10,000කට මරණ අනුපාතය සැලකීමේදී ඇමෙරිකාව පසුවන්නේ හයවැනි ස්ථානයේ ය. ඇමෙරිකාවේ ඒක පුද්ගල මරණ අනුපාතය ඇත්තේ 4.5 අනුපාතයක ය.
එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, ඉතාලිය, පේරු සහ චිලී යන රටවල් ඉහළම ඒක පුද්ගල මරණ අනුපාතයක් ඇති රටවල් ය. මේ වනවිට ගෝලීයව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 660,997කි. ඇමෙරිකාවෙන් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන එයින් 23%කි.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පසුගිය දින 11 කාලයේදී වයිරස ආසාදිත මරණ 10,000 ඉක්මවා වාර්තා විය. ඉකුත් ජූනි මාසයෙන් පසු ඇමෙරිකාවෙන් වේගයෙන්ම මරණ වාර්තා වූ දින 11 ලෙස ද එම දින සැලකේ.
රොයිටර්
055
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොරෝනා වයිරසයෙන් ඇමෙරිකාවේ මිය ගිය ගණන 150,000 ඉක්මවයි