
(ක.ග.කරුණාරත්න )
පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරී කළ සිවිල් ආරක්‍ෂක භටයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිබව පී.සී.ආර් පරීක්‍ෂණවලින් තහවුරුවී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා අද (02) ප්‍රකාශ කළේය.
ලංකාපුර කොරෝනා රෝගියා හමුවීමෙන් පසුව ඔහුගේ ආශ්‍රීතයින් හඳුනාගෙන ඒ අතුරින් 980 දෙනෙකුගේ පී.සී.ආර්.පරීක්‍ෂණ මේ වනවිට සිදුකර ඇතිබව ඒ මහතා කීය.
අලුතින් හමු වූ කොරෝනා ආසාදිත පුද්ගලයා සහ ඔහුගේ සමීපතමයින් ආගිය තැන් සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන ඒ පිරිස් වෙන්කර තැබීමට සහ අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ග මේවන විට ගනිමින් තිබෙන බවද වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා පැවැසීය.
කන්දකාඩුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ පුනරුත්ථාපන කඳවුරෙන් කොරෝනා පොකුරු හමුවීමෙන් පසුව ලංකාපුර ප්‍රාදේශීය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් පමණක් මේ වනවිට කොරෝනා රෝගීන් 11 දෙනෙකු හමුවී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd