(ප්‍රදීප් කුමාර කුලරත්න)
සීෂෙල්ස් රාජ්‍යයේ සිට පැමිණ දින 14 ක් නිරෝධායනය වී නිවසට පැමිණ ස්වයං නිරෝධායනය වෙමින් සිටි 54 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් අද (03) ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
සීෂෙල්ස් රාජ්‍යයේ නැවක ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන හෝමාගම නියදගල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා ඉකුත් මස 11 දා මෙරටට පැමිණ ඇති අතර පසුව හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්ව විද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත්ව දින 14ක් නිරෝධායනයට ලක්ව නිවසට පැමිණ තවදුරටත් ස්වයං නිරෝධායනය ට ලක් වෙමින් සිටියදී මෙසේ උණ ,හිසරදය ඇතුළු රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව මාගම්මන මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් අල්විස් මහතා පැවසීය.
ඒ අනුව අයි.ඩී.එච්.රෝහලේදී පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිත අතර එහි වාර්තාව ලැබීමෙන් පසුව රෝගියාගේ ආශ්‍රිතයෙන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගැනීමට නියමිත බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.
නිවසේ ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටි රෝගියාගේ බිරිඳ , දියණියන් දෙපළ තවදුරටත් නිවස තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් අල්විස් මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට සිද්ධමුල්ල මහජන සෞඛ්‍යය පරීක්ෂක පි.ජි.එච්.පි මංජුල මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ස්වයං නිරෝධායනය ට ලක් වෙමින් සිටි පුද්ගලයකු අයි.ඩී.එච් රෝහලට
Rexi Monday, 03 August 2020 06:00 PM
කවුද ඇත්ත කියන්නේ, කවද්ද මෙයාලා ආවේ,?