IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 54,000ක්

ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (2)  වාර්තා වූ අතර එම ගණන 54,000 ඉක්මවා ගියේය.

 
අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේදී වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන 54ල735ක් වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 17,50,723ක් දක්වා ඉහළ ගියේය.
 
ඉන්දියාවේ රෝහල්වල මේ වනවිට ප්‍රතිකාර ලබන ගණන 5,67,630ක් වන අතර සුවය ලැබූ පිරිසගේ ගණන 11,45,629කි. ඉන්දියාවෙන් අද වනවිට වාර්තා වූ සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 37,364කි.
 
නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයයිග එම ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 4,31,719කි.
 
තමිල්නාඩු ප්‍රාන්තයෙන් ආසාදිතයන් 2,51,738 දෙනකු හඳුනාගෙන ඇති අතර අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ ගණන 1,50,209කි.
 
දිල්ලියෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 1,36,716කි.
 
ඉන්දියාවේ අසල්වැසියන් වන පාකිස්තානයෙන් සහ බංග්ලාදේශයෙන් ද මේ වනවිට දෙලක්ෂය ඉක්මවා ආසාදිතයන් වාර්තා වේ.
 
පාකිස්තානයෙන් අද (2) පස්වරු වනවිට වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,78,305ක් වන අතර බංග්ලාදේශයෙන් හඳුනාගෙන ඇති වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,39,860කි.
 

එන්.ඩී.ටීවී.

055



අදහස් (0)

ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 54,000ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31680 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14147 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11122 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 192 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1121 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 309 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site