අද දිනයේ කොරෝනා ආසාදිතයින් 22 ක් කොවිඩ් -19 ආසාදිතයින් 22 දෙනෙකු අද මේවන විට හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 22 July 2020
නවදිල්ලියේ හතරෙන් එකකට කොරෝනා අසල්වැසි ඉන්දියාවේ අගනගරය වන නවදිල්ලියේ ජනගහනයෙන් හතරෙන් එකකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි නවතම අධ්‍යයන වාර්තාවක් සඳහන් කරයි. 22 July 2020
ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 15 ඉක්මවයි ලොව පුරා කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අද (22) දිනයේ මිලියන 15 සීමාව පසු කලේය. ඒ අනුව මේ වනවිට ලොවපුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15,107,950කි. 22 July 2020
සුවය ලැබූ ආසාදිතයන් ගණන 2060 ඉක්මවයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව සිට, සුවය ලැබූ සමස්ත පිරිස මේ වනවිට 2064ක් බව වසංගත රෝග විද්‍යා අංශය අද(22) උදෑසන 10.00ට පළ කළ වාර්තාවේ දැක්වේ. 22 July 2020
හබරාදුව ආසාදිතයාගේ සමීපතමන් 21ක් දෙවන වරටත් පීසීආර් පරීක්ෂණයට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයාගේ බිරිඳ, මව ඇතුළු ඔහු ඇසුරු කළ සමීපතයන් 21දෙනෙකු දෙවන වරට අද(22) පිසීආර් පරීක්ෂණයට ලක් කරන බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය. 22 July 2020
‘ඇමෙරිකානු කලාපය තුළ වයිරසය පැතිර යෑමේ අඩුවක් නෑ‘ ඇමෙරිකානු කලාපය තුළ නව කොරෝනා වයිරස වසංගතය පැතිර යෑමේ අඩුවක් දක්නට නැතැයි ’’පෑන් ඇමෙරිකන්’’ සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි . 22 July 2020
කන්දකාඩු කඳවුරේ ගැටුමකින් 5 ක් රෝහලේ කන්දකාඩුව කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 05 දෙනකු තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි. 22 July 2020
දශක ගණනකට පසු නොබෙල් භෝජන සංග්‍රහය අවලංගු කරයි වසර 50කට වැඩි කාලයකට පසු පළමුවරට ’’නොබෙල් ත්‍යාග භෝජන සංග්‍රහය’’ අවලංගු කිරීමට තීරණය කර ඇත. 21 July 2020
කතරගම ඇසළ පෙරහරට සම්බන්ධ වන පිරිස් පී.සී.ආර්. පරීක්ෂණයට ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගී වන පිරිස් සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් කිරීමට මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කටයුතු යොදා ඇතැයි කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පැවසීය. 21 July 2020
‘ගම්පහ පී.සී.ආර් වාර්තා 154 කින් ආසාදිතයින් නෑ’ ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ආචාර්යවරයකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසුව ඔහුගේ ආශ්‍රිතයින් 154 කට පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ අතර එම වාර්තා අනුව එම කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි. 21 July 2020
කහතුඩුවේ 65 ක් පී.සී.ආර්. පරීක්ෂණයට හෝමාගම කහතුඩුව ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීමෙන් පසු එලෙස කොවිඞ් 19 ආසාධිත බවට හදුනා ගත් එක් දරුවෙකු සහභාගී වූ උපකාරක පන්තියක ඉගෙනුම ලැබූ දරු දැරියන් ඔවුන්ගේ මාපියන් ද අදාල ගුරුවරියද ඇතුළු 65 දෙනෙකු අද (21) දින කොට්ටාව ප්‍රදේශයේදී පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ මහතා පවසයි 21 July 2020
සුවය ලැබූවෝ 7 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා අද (21) දිනයේ පුද්ගලයින් 7 දෙනකු පිටව ගිය බව වසංගත රෝග විද්‍යාතනය පවසයි. 21 July 2020
වැලිසර කඳවුරේ ආසාදිතයෝ සියල්ලෝ ම සුවය ලබති වැලිසර නාවික හමුදා කඳවුරෙන් හමු වූ, කොරෝනා වයිරසය ආසාදනය වී සිටි අවසාන හමුදා සාමාජිකයන් තිදෙනා ද සුවය ලබා පිටව ගොස් ඇත. 21 July 2020
ගෝලීය කොරෝනා ආසාදිතයන්ගේ ගණන මිලියන 14.5 ඉක්මවයි ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට ලොවපුරා 606,605කට ජීවිත අහිමි වී ඇත. 21 July 2020
අද දිනයේ කොරෝනා ආසාදිත රෝගීන් 6 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 06 දෙනෙකු අද (20) හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තා වලින් දැක්වේ. 20 July 2020
තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයාත් කොරෝනාවෙන් මරුට ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා වන ශ්‍රීනිවාසමූර්ති දික්ෂතූලු නව කොරෝනා වයිරසය ආසාදිනය වීමෙන් අද (20) මරණයට පත්විය. 20 July 2020
පෞද්ගලික බස් ධාවනය අඩකින් පහළ බසී සාමාන්‍යයෙන් ධාවනය වන පෞද්ගලික බස්රථ ප්‍රමාණයෙන් අද ධාවනය වූයේ 50% ආසන්න ප්‍රමාණයක් පමණකැයි සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවැසීය. 20 July 2020
ඉන්දියාවෙන් ආසාදිතයන් 40,400ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (20) වාර්තා වූ අතර එම ගණන 40,425ලෙස දැක්විණි. 20 July 2020
මෙල්බර්න් වැසියන්ට මුඛ ආවරණ අනිවාර්යයි ඔස්ට්‍රේලියාවේ දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් දෛනිකව ආසාදිතයන් සියය ඉක්මවා වාර්තා වීමත් සමඟ මෙල්බර්න් නුවර වැසියන්ට මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කර ඇත. 20 July 2020
ඉන්දුනීසියාව චීනය පසු කරයි ඉන්දුනීසියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන, චීනයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන අද (19) ඉක්මවා ගියේය. 19 July 2020
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ආසාදිතයන් තුන්ලක්ෂයක් අසල්වැසි ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (19) තුන්ලක්ෂය ඉක්මවා ගියේය. 19 July 2020
තවත් ආසාදිතයින් 9 ක් හඳුනාගනී කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 9 දෙනෙකු අද (19) හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවලින් දැක්වේ. 19 July 2020
පැය 24 දී ලෝකයේ ආසාදිතයන් 259,848ක් නව කොරොනා වයිරසය ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් පසු දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන සෙනසුරාදා දිනයේදී වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. 19 July 2020
අම්පාරේ ජනාකීර්ණ තැන්වල අය පී.සී.ආර්. පරීක්ෂණයට අම්පාර නගරයේ සෙනග ගැවසෙන ස්ථානවල කටයුතු කරනු ලබන පිරිස් කොවිඩ් 19 පරික්ෂාව සඳහා යොමු කිරිමට අම්පාර ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය මගින් සිදු කරනු ලැබීය. 19 July 2020
ලොවපුරා කොරෝනා මරණ ගණන 600,000 ඉක්මවයි ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19’ වයිරස වසංගතය හේතුවෙන් ලොවපුරා රටවලින් වාර්තා වන මරණ ගණන 600,000 ඉක්මවා ගොස් ඇත. 19 July 2020
බොලීවියාවේ අමාත්‍යවරු 7 කට කොරෝනා බොලිවියාවේ අමාත්‍යරුන් 07 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. 19 July 2020
මිනිත්තු 20න් කළ හැකි කොවිඩ් පරීක්ෂණයක් ඕස්ට්‍රේලියාවෙන් අත්හදා බලයි ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මිනිත්තු 20කින් සිදුකළ හැකි කෝවිඩ් 19 පරීක්ෂණයක් සොයාගෙන තිබේ. 19 July 2020
ඇමෙරිකාවේ මුඛ ආවරණ පැළදීම-පාසල් විවෘත කිරිම ගැන දැඩි බෙදීමක් මුඛ ආවරණ පැළැදීම අනිවාර්ය කිරීම සහ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දැඩි බෙදීමක් ඇති වී තිබේ. 19 July 2020
ඉන්දියාවෙන් දිනයකදී රෝගීන් 38,902 ක් කොරෝනා වයිරස් ආසාදිතයන් සම්බන්ධයෙන් ඉන්දියාව දිනපතාම සිය වාර්තා පොත අලුත් කරන තත්ත්වයක් ඇතිවී තිබේ. අද (ඉරිදා) මධ්‍යාහ්නය වන විට පැය 24 ක් ඇතුළතදී ඉන්දියාවෙන් වාර්තාවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 38,902 ක් වි තිබේ. 19 July 2020
පී සී ආර් පරීක්ෂණ වැඩි කරන්නැයි උද්ඝෝෂණයක් කොරෝනා වසංගතය හදුනා ගැනීමේ පි.සී.ආර්.පරීක්ෂණ වැඩිකරන ලෙසට ඉල්ලා රජයට බල කිරීමේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (19 ) හික්කඩුව බස් නැවතුම් පොළ ඉදිරිපිටදි පැවැත්විණ. 19 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026