IMG-LOGO

මිනිත්තු 20න් කළ හැකි කොවිඩ් පරීක්ෂණයක් ඕස්ට්‍රේලියාවෙන් අත්හදා බලයි

 

(ගාඩියන් ඇසුරෙනි)

ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මිනිත්තු 20කින් සිදුකළ හැකි කෝවිඩ් 19 පරීක්ෂණයක් සොයාගෙන තිබේ.

පුද්ගලයන්ගේ රුධිර සාම්පල යොදා ගනිමින් මෙම පරීක්ෂණය සිදුකරන බව සඳහන්වේ. කිසියම් පුද්ගලයෙක් දැනට කොවිඩ් ආසාදනයට ලක් වී සිටී ද? යන්න මෙන්ම අතීතයේ දී කොවිඩ් වෛරසය ආසාදනය වී සිටියේ ද යන්නත් මෙහිදී හඳුනාගත හැකි බව එම පර්යේෂකයෝ පවසති.

පරීක්ෂණය සඳහා රුධිර ප්ලාස්මාවෙන් මයික්‍රො ලීටර් 25ක් භාවිත කෙරෙන අතර මෙය සාර්ථක වුවහොත් කොවිඩ් පරීක්ෂණ සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වයේ ප්‍රබල වෙනසක් සිදුවනු ඇති බව පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන් පවසයි.

කොවිඩ් එන්නත් සායනිකව අත්හදා බැලීමේදී ශරීරයේ නිපදවන ප්‍රතිදේහ හඳුනා ගැනීමටත් මෙම පරීක්ෂණය උපයෝගී කරගත හැකි බව සඳහන්ය.

ගෝලීය වශයෙන් පුද්ගලයන් එක්කෝටි හතළිස් ලක්ෂයක පමණ පිරිසක් ගොදුරු කරගත් කොවිඩ් වසංගතයට ඕස්ට්‍රේලියානුවන් 11,000ක වැඩි පිරිසක් ද ගොදුරු වී තිබේ. එරට කොවිඩ් මරණ සංඛ්‍යාව 116කි.



අදහස් (1)

මිනිත්තු 20න් කළ හැකි කොවිඩ් පරීක්ෂණයක් ඕස්ට්‍රේලියාවෙන් අත්හදා බලයි

Rohana Sunday, 19 July 2020 12:13 PM

මේ COVID-19 ට චීනය වගකිව යුතුයි. ඒ සඳහා අවශ්‍ය අණපනත් WHO මගින් සම්මත කළයුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 164 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 475 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site