IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ආසාදිතයන් තුන්ලක්ෂයක්

අසල්වැසි ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (19) තුන්ලක්ෂය ඉක්මවා ගියේය.

එම ප්‍රාන්තයෙන් අද දිනයේදී ආසාදිතයන් 8,348දෙනකු වාර්තා වූ අතර ඒත් සමඟ එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සමස්ත ගණන 3,00,937 දක්වා ඉහළ ගියේය.

ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 38,902 දෙනකු හඳුනාගෙන තිබිණි. ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 10,77,618ක් දක්වා ඉහළ ගියේය. ලොව තෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

ඉන්දියාවේ විවිධ රෝහල්වල මේ වනවිට ප්‍රතිකාර ලබන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 3,73,379ක් වන අතර වයිරසය ආසාදනය වී සුව වු ගණන 6,77,423කි. එරටින් අද දිනයේදී වයිරස ආසාදිත මරණ 543 ක් වාර්තා වීමත් සමඟ සමස්ත මරණ ගණන 26,816ක් දක්වා ඉහළ ගියේය.

ඉන්දියාවේ දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ තමිල්නාඩුවයි. එම ප්‍රාන්තයෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,65,714කි. දිල්ලියෙන් ආසාදිතයන් 1,21,582 දෙනකු වාර්තා වන අතර කර්නාටක ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 59,652කි.

ඉන්දියාවේ අසල්වැසියන් වන පාකිස්තානයෙන් මේ වනවිට හඳුනාගෙන ඇති කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,61,917ක් වන අතර බංග්ලාදේශයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,02,066ක් ලෙස දැක්වේ.

එන්.ඩී.ටීවී.

055



අදහස් (0)

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ආසාදිතයන් තුන්ලක්ෂයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14154 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11123 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site