IMG-LOGO

ගෝලීය කොරෝනා ආසාදිතයන්ගේ ගණන මිලියන 14.5 ඉක්මවයි

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට ලොවපුරා 606,605කට ජීවිත අහිමි වී ඇත.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසය පිළිබඳව මුල් වරට වාර්තා වූයේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ය. ඒ චීනයෙනි. චීනයෙන් හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් වයිරසය ව්‍යාප්ත පටන්ගෙන මේ වනවිට මාස හතකට අධික කාලයක් ගත වී ඇත.

මේ වනවිට ලොවපුරා රටවලින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 14,528,490කි. වයිරසය ආසාදනය වී සුවය ලැබූවන්ගේ ගණන 7,935,600කි.

ලොව බොහෝ රටවල් තවමත් වයිරස ආසාදිතයන් හඳුනාගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ හෙවත් කොවිඩ්-19 පරීක්ෂණ සිදු කරයි. එහෙත් ඉන් රටවල් බොහෝමයක් පරීක්ෂා කරන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන සහ අසාද්‍ය තත්ත්වය පසුවන්නන් පමණි.

ලොවපුරා රටවලින් ඉරිදා දිනයේදී වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 224,583ක් වූ අතර වාර්තා වූ ආසාදිත මරණ ගණන 4,584ක් විය. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ බ්‍රසීලයෙනි. එරටින් වාර්තා වූ මරණ ගණන 716කි. දෙවැනියට ඉන්දියාවෙන් මරණ 681ක් ද එක්සත් ජනපදයෙන් මරණ 514ක් ද වාර්තා විය.

නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ද එරටිනි. එරටින් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 3,773,260ක් වන අතර වාර්තා වන මරණ ගණන 140,121කි.

ඇමෙරිකා එක්සත් ජනපදයට පසු නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බ්‍රසීලයටය. බ්‍රසීලයෙන් අද වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණණ 2,098,389ක් වන අතර එරටින් වාර්තා වන මරණ ගණන 79,488කි. එක්සත් රාජධානියෙන් නව කොරෝනා වයිරස ආසාදිත මරණ 45,300ක් සහ ආසාදිතයන් 294,792 දෙනකු වාර්තා වේ.

ඒ.එෆ්.පී.

055

 



අදහස් (0)

ගෝලීය කොරෝනා ආසාදිතයන්ගේ ගණන මිලියන 14.5 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 164 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 476 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site