(තිලකරත්න දිසානායක)
ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ආචාර්යවරයකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසුව ඔහුගේ ආශ්‍රිතයින් 154 කට පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ අතර එම වාර්තා අනුව එම කිසිවෙකුටත් වයිරසය ආසාදනය වී නොමැති බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.
භෞතික විද්‍යා විෂය ඉගැන්වීම සිදු කරන එම ආචාර්යවරයාගේ ඥාතියකු කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නන් පුනරුත්ථාපනය කෙරෙන මධ්‍යස්ථානය වෙත ගොස් ඇති අතර ඔහු මාර්ගයෙන් ආචාර්යවරයාට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයෙන් ප්‍රතිකාර පිණිස යොමු කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කීය.
එම ආචාර්යවරයා උපකාරක පන්ති පවත්වා ඇති බැවින් එම ආශ්‍රිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 102 ක් නිරෝධායනයට යොමු කර ලබා ගත් පී.සී.ආර් පරීක්ෂණ සහ ඉන්පසුව තවත් ආශ්‍රිතයින් 52 දෙනෙකුගෙන් පෙරේදා (20) ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ අනුව එම කිසිවෙකුටත් වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී යැයි අප කළ විමසුමකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
‘ගම්පහ පී.සී.ආර් වාර්තා 154 කින් ආසාදිතයින් නෑ’