පිළියන්දල 113 දෙනෙකු පීසීආර් පරීක්ෂණයට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරියේ නිරත , යුද හමුදා නිලධාරියකු නිවාඩු පැමිණීමෙන් පසුව කොරෝනා වෛරසය වැළඳුණු බවට තහවුරු වීමත් සමඟ ඔහු සංචරණය කළ පිළියන්දල සමීපතමයින් හා සංචරණයට ලක් වූවක් 113 දෙනෙකු අද (16) පී.සී.ආර් පරීක්ෂණයට යොමු කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය . 16 July 2020
විදේශයන්හිදී ලංකාවේ 40ක් කොරෝනා වැළඳී මරුට රැකියා සඳහා විදේශගත වූවන් 40 දෙනෙකු ලොව විවිධ රටවල දී කෝවිඞ්-19 වයිරසය වැළඳී මියගොස් ඇතැයි වාර්තා වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ප්‍රකාශ කළේය. මේ වනවිට 1800 කට අධික පිරිසකට එම වයිරසය වැළඳි ඇතැයි ද සභාපතිවරයා කීය. 16 July 2020
පීසීආර් පරීක්ෂණ 130,000ක් කර අවසන් ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ව්‍යාප්තවීමත් සමග ආසාදිතයන් බවට පත්වූවන් හඳුනාගැනීම සඳහා මේ වනවිට පී. සී. ආර් පරීක්ෂණ 130,000කට අධික ප්‍රමාණයක් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 16 July 2020
සුවය ලැබූවන් ගණන 2007ක් වෙයි කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 656ක් වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය අද(16) උදෑසන 10.00ට පළ කළ නවතම වාර්තාව දක්වයි. 16 July 2020
ඉංගිරියේ පුද්ගලයින් 13 ක් නිරෝධායනයට මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් රඳවා සිටින කන්දකාඩු කඳවුරේහි සේවය කළ, කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූ පුද්ගලයින් ඇසුරු කළ බවට සැකපිට ඉංගිරිය පොලිස් වසමේ පුද්ගලයින් 13 ක් මේ වනවිට ඔවුන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ. 16 July 2020
අඟුළු දැමීමත් සමඟ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සියයට 50කින් පහත වැටේ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමත් සමඟ ක්‍රෙඩිට් කාඩ්පත් (ණයපත්) භාවිතය අඩු වී ඇතැයි වාර්තා වේ. 15 July 2020
ඉන්දියාවෙන් දිනකදී වයිරස ආසාදිතයන් 29,400 ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (15) වාර්තා වූ අතර එම ගණන 29,429ක් ලෙස දැක්විණි. 15 July 2020
හබරාදුව ආසාදිතයා සමීපව ඇසුරු කළ 32 කට කොරෝනා නෑ හබරාදුව තල්පෙ අත්තර ගොඩින් ඉකුත්දා සොයාගත් කොරෝනා ආසාදිත පුද්ගලයා සමීපව ඇසුරු කළ පුද්ගලයන් 32 ක් ඊයේ (14) පී.සී.ආර් පරීක්ෂණයට ලක්කළ බවත් ඒ සම්බන්ධයෙන් අද (15) නිකුත් වූ වාර්තා වලට අනුව ඔවුන් සියලු දෙනාම කොරෝනා ආසාදිතයන් නොවන බවට තහවුරු වූ බවත් හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය. 15 July 2020
තවත් කොරෝනා ආසාදිතයින් 6 ක් අද දිනයේදී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 6 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 659 කි. 15 July 2020
‘‘අසත්‍ය ප්‍රචාර පතුරුවන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා‘‘ ජනතාව අතර නොසන්සුන්තාවයක් හා භිතියක් ඇතිවන අයුරින් අසත්‍ය ප්‍රචාර හා කටකථා පතුරුවන අයට එරෙහිව හෙට (16) සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද (15) පොලිස් මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 15 July 2020
රත්නපුරේ පී.සී.ආර් යන්ත්‍රය අක්‍රීය වී පරීක්ෂණ කල්යයි රත්නපුර ශික්ෂණ රෝහලේ පී.සී.ආර් . යන්ත්‍රය අක්‍රියවී ඇති බැවින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකළ නොහැකි තත්වයක් උදාවී ඇත. 15 July 2020
පැල්මඩුල්ලේ වෙළඳ සැලක් වසා දමයි කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩුවට පැමිණි කොරෝනා ආසාදිත නිලධාරියා භාණ්ඩ මිලදී ගැනීමට ගිය පැල්මඩුල්ල නගරයේ වෙළෙඳ සැලක් වසා දැමීමට එම වෙළඳ සැලේ පාලනාධිකාරිය අද (15) තීරණය කර තිබේ. 15 July 2020
හිඟුරක්ගොඩ - කඳුරුවෙල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් වහයි හිඟුරක්ගොඩ ආපනශාලාවක්, කඳුරුවෙල සහ හිඟුරක්ගොඩ විදුලි උපකරණ අලෙවි ආයතන දෙකක් වසා දැමීමට කටයුතු කළ බව හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ටී.එන්.කේ. නිල්මිණි මහත්මිය පැවැසුවාය. 15 July 2020
ජපානයේ ඔකිනාවාහි ඇමෙරිකානු හමුදා කඳවුරෙන් තවත් ආසාදිතයන් 36ක් ජපානයේ ඔකිනාවාහි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් හන්සෙන් හමුදා කඳවුරේ තවත් වයිරස ආසාදිතයන් 36 දෙනකු හඳුනාගෙන ඇතැයි ජපාන බලධාරීහු පවසති. 15 July 2020
බැංගලෝරයට අඟුළු දමයි ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන බැංගලෝරයට මේ වනවිට අඟුළු දමා ඇත. 15 July 2020
ලොව පුරා මිලියන ගණනක් නැවත අගුළුදැමීමට යටත් වෙති දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් සමඟ ලොවපුරා මිලියන ගණනකට නැවත වරක් දැඩි සීමාවලට යටත් වීමට සිදුව ඇත. 15 July 2020
විභාග දෙපාර්තමේන්තුවේ එක් දින-සාමාන්‍ය සේවා කවුළු වහයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 15 July 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 653ට බසී වසංගත රෝග විද්‍යා අංශය අද(15) උදෑසන 10.00ට නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 653 දක්වා අඩු වී තිබේ. අද දිනයේදී සුවය ලබා 13 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමඟ, ප්‍රතිකාර ලබන සංඛ්‍යාව එම අගය ගෙන ඇත. 15 July 2020
ගම්පහ 80කට පී සී ආර් පරීක්ෂණ කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති, ගම්පහ ප්‍රදේශයෙහි පුද්ගලයින් දෙදෙනෙකුගේ ආශ්‍රිතයින් 80 දෙනෙකු පමණ පී.සී.ආර් පරීක්ෂාවට ලක්කිරීම අද (15) ගම්පහ නගර සභා ප්‍රජා ශාලාවේදී සිදු කෙරිණි. 15 July 2020
ගොනාපිනුවල 34ක් ස්වයං-නිරෝධායනයේ තෙලිකඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ගොනාපිනුවල මාජුවාන පවුල් 8කට අයත් පුද්ගලයින් 34 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවරගෙන ඇති බැව් තෙලිකඩ පොලිසිය පවසයි. 15 July 2020
ගල්කිරියාගම 100 ක් නිරෝධායනයට ගල්කිරියාගම රණව ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත පුද්ගලයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ස්ථානයකට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 14 July 2020
අහඹු නියැදියකින් පී.සී.ආර් පරීක්ෂණ කිරීම වහාම අරඹන්න කොරෝනා හෙවත් කොවිඩ් 19 දෙවැනි රැල්ල පාලනය කිරීමට නම් රෝග වාහකයන් නිවැරදිව හඳුනාගැනීම සඳහා රටේ සෑම ප්රදේශයක්ම ආවරණය වන පරිදි අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් පී.සී.ආර් පරීක්ෂණවලට ලක්කිරීම වහාම ආරම්භ කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 14 July 2020
ගම්පහ වැරැල්ලවත්තේ 21 ක් නිරෝධායනයට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයකු ලෙස කටයුතු කරන අයෙකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහු පදිංචි ගම්පහ වැරැල්ලවත්ත ප්‍රදේශයේ පවුල් 04 කට අයත් පුද්ගලයන් 21 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමින්ද සමරදිවාකර මහතා අද (14) වැනිදා පැවසීය. 14 July 2020
පිළියන්දල 50 ක් ස්වයං නිරෝධනයට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ පිළියන්දල දැල්තර පදිංචි හමුදා නිලධාරියාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පී.සී.ආර් පරීක්ෂණයෙන් තහවුරු වීමෙන් පසු ඔහු ආ ගිය බව කියන නිවාස,වෙළඳ සැල් කිහිපයක් වසා දැමීමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාව මහතා පැවසීය. 14 July 2020
‘‘සමාජයෙන් රෝගීන් හඳුනාගන්නේ නම් ඒ බව දැනුවත් කරනවා‘‘ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වන බවට කට කතා හා සමාජ මාධ්‍ය හරහා පුවත් වාර්තා වන බවත් එවැනි තත්ත්වයක් නම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 14 July 2020
ගම්පහ දිසා මහේස්ත්‍රාත්වරිය ඇතුළු 8 ක් නිරෝධායනයට ගම්පහ අංක 2 දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරිය ඇතුළු 8 දෙනෙකුව නිරෝධායනය සදහා අද (14) සිට යොමු කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 14 July 2020
බදුල්ලේ 116 ක් නිරෝධායනයට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩු ලබා පැමිණ නැවත රාජකාරියට වාර්තා කිරීමෙන් පසු කොවිඩ් 19 ආසාදිතයින් යැයි තහවුරු කරගත් බදුල්ල දිස්ත්‍රික්කයේ යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුගේ ආශ්‍රිතයින් 116 ක් නිරෝධායනයට ලක්කර තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය රොහාන් මාපා මහතා පැවසීය. 14 July 2020
ආසාදිතයින් ඇසුරු කළ 647 ක් නිරෝධායනයට කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 647 දෙනෙකු මේවන විට නිරෝධායනයට ලක්කර සිටින බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යා ඒකකය කියයි. 14 July 2020
පලාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 10 ක් ඇතුළු 15 ක් නිරෝධායනයට කොරෝනා ආසාධිතයකු සේවා ලබා ගැනීමට පැමිණ ඇතැයි හෙළි වීමත් සමඟ පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් 10 දෙනෙකු ඇතුලු 15 දෙනෙකු අද 14 දහවල් වනවිට ස්වයංනිරෝධායනයට යොමුකළ බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරයාලය පවසයි. 14 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026