කන්දකාඩු උපදේශකවරයා සුවය ලබා පිටව යයි කොරෝනා ආසාදනයවීමෙන් කොළඹ අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හබරාදුව හිනටිගල ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයා සුවය ලබා නිවසට පැමිණි බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි. 19 July 2020
ගාල්ලේ 221ක් ස්වයං-නිරෝධායනයේ කන්දකාඩු සිද්ධියට අදාලව ගාල්ල දිස්ත්‍රික්කය තුළ පුද්ගලයින් 221 දෙනෙකු ගෘහ ආශ්‍රිතව ස්වයං නිරෝධනයට ලක්කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. 19 July 2020
හෝමාගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ 14 දෙනාටම කොරෝනා නෑ හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ (17) ගෙනෙන ලද හෝමාගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ 14දෙනාගෙන් කිසිවෙකුටවත් කොරෝනා ආසාධනය වී නොමැති බවට කරාපිටිය රෝහලේදී සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණවලදී අද (18) තහවුරුවී ඇතැයි ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. 18 July 2020
සියලුම බෝවන රෝග පාලනයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ඉවත්වෙති කොවිඩ් 19 ඇතුළු සියලුම බෝවන රෝග පාලන රාජකාරිවලින් අද (18) සිට ඉවත් විමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තීරණය කර ඇත. සෞඛ්‍ය අමාත්‍යවරිය ගේ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍ය පළවූ තොරතුරු හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ලංකාදීපයට පැවැසීය. 18 July 2020
උසස් පෙළ - ශිෂ්‍යත්ව විභාග දිනයන් 20 වැනිදා ප්‍රකාශයට උසස් පෙළ විභාගය සහ පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය ලබන සඳුදා (ජූලි 20 වැනිදා) නිවේදනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. 18 July 2020
පාසල් අතුරු නිවාඩුව සතියකින් දීර්ඝ කරයි දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදුන් සතියක පාසල් අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව නැවත පාසල් ආරම්භ කිරීමේ දිනය ලෙස ජූලි මස 27 වැනිදා නම්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය අද නිවේදනය කළේය. 18 July 2020
පී.සී.ආර්. පරීක්ෂණ කළ 113ට කොරෝනා නැහැ කැස්බෑව හා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ වල පුද්ගලයන් 113 දෙනෙකුට ඉකුත් 16 වෙනිදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල වලින් ඔවුන් කිසිවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී නොමැති බවට ඊයේ (17) රාත්‍රී ලද වෛද්‍ය වාර්තාවලින් සනාථ වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා පැවසීය. 18 July 2020
කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහර නරඹන්නන්ට තහනම් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ලබන 21 වැනි දින පැවැත්වීමට නියමිත ඇසළ මහ පෙරහර නැරඹීමට ඉඩ නොදෙන බව අද (18) කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ පැවති පෙරහැර සංවිධායක කමිටුව තීරණය කරනු ලැබීය. 18 July 2020
ගම්පහදී පරීක්ෂා කළ 101 කින් දෙදෙනකුට කොරෝනා ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පී.සී.ආර් පරීක්ෂණයන්ට ලක්කළ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 101 දෙනා අතුරින් ඥාතී සමීපතමයින් දෙදෙනෙකුටද රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය. 18 July 2020
බච්චන් පවුලම රෝහලේ කොරෝනා වයිරසයට ආසාදනය වී යැයි තහවුරු වීමෙන් දින පහකට පසුව අයිශ්වර්යා රායි බච්චන් සහ දියණිය ආරධ්‍යා රෝහල්ගත වී සිටිති. ඔවුන් දෙදෙනාම කොවිඩ් -19 ප්‍රතිකාර සඳහා නැනාවතී රෝහලට ඇතුළත් කරනු ලැබ තිබේ. 18 July 2020
ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 34,900ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (17) වාර්තා වූ අතර එම ගණන 34,956ක් ලෙස දැක්විණි. 18 July 2020
මැතිවරණය අවසන් වනතුරු පාසල් වසා දැමීමට තීරණයක් මහ මැතිවරණය අවසන් වනතුරු දිවයිනේ සියලු පාසල් වසා දැමීමට තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ. 17 July 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 674 ට නගී මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.ඒ අනුව කෝරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 674 කී. 17 July 2020
මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ සෞඛ්‍ය රෙගුලාසි පැනවීමේ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් අද (17) රාත්‍රීයේදී ප්‍රකාශයට පත් කළාය. 17 July 2020
‘පන්නල පීසීආර් කළ 18 න් කිසිදු අයකුට ආසාදනය වී නෑ’ පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයෙන් පී සී ආර් පරීක්ෂණ සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කළ 18 දෙනෙකුගෙන් කිසිදු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට අද (17) තහවුරු වී ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි. 17 July 2020
රාජාංගණයේ 12 හැවිරිදි දරුවෙකුට කොරෝනා රාජාංගනය ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දරුවෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 17 July 2020
සෞන්දර්ය සිසුහු අවසන් වසර විභාගය කල් දමන්නැයි ඉල්ලති සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුන්ගේ විභාගය කොරෝනා වයිරස වසංගත තත්ත්වය යම්තාක් දුරට පහව යෑමෙන් පසු පවත්වන්නැයි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සංගීත පීඨ ශිෂ්‍ය සංගමය ලිපියක් යොමු කරමින් විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියෙන් ඉල්ලා ඇත. 17 July 2020
මැතිවරණ රැස්වීම් - ප්‍රචාරණ කටයුතු වලට නීතිපතිගේ අනුමැතිය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මහමැතිවරණයට අදාළව ඉදිරිපත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශවලින් ඡන්ද අපේක්ෂකයින්ගේ මැතිවරණ රැස්වීම්, ප්‍රචාරණ කටයුතු සහ මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් නීතීපති දප්පුල ද ලිවේරා මහතා අද (17) අනුමැතිය ලබා දුන්නේය. 17 July 2020
‘ගෙදරට කොරෝනා ගේන්න එපා’ ‘ගෙදරට කොරෝනා ගේන්න එපා.’ සෞඛ්‍ය අංශ රටේ ජනතාවට අලුතින්ම ඉදිරිපත් කර ඇති තේමා පාඨය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි. 17 July 2020
පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු නිරෝධායනයට පිළියන්දල දැල්තර ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගී කාන්තාවන් දෙදෙනා ගමන් කළ බව පැවසෙන පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු නිරෝධායනයට ලක්කර 17 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට අද (17) පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය. 17 July 2020
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු රාජකාරීවලින් ඉවත්වෙති සිය සේවා කටයුතුවලින් අද(17) සිට ඉවත්වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ ගම්පහ දිස්ත්‍රික් ශාඛා සභාපති, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා පැවසීය. 17 July 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 10 පනී ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන් ගණන ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇත. 17 July 2020
හෝමාගම පොලිසියේ 41 ඇතුළු 73 ක් නිරෝධායනයට හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ කාන්තා පොලිස් කොස්තාපල්වරියකට නව කොරෝනා රෝගය වැළඳීමත් සමඟ පොලිස් නිලධාරීන් 41 දෙනකු ඇතුළු 73 දෙනෙකු අද (17) නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කළ බව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. 17 July 2020
ඇමෙරිකාවෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 77,000ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වාර්තා වූ බව ’ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. 17 July 2020
මාස හයකට පසු චීන සිනමාහල් ඇරේ කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු චීනයේ සිනමා ශාලා ලබන සතියේ සිට නැවත විවෘත කිරීමට අවසර දී තිබේ. 17 July 2020
බ්‍රසීල ජනපතිට දෙවැනි වරටත් කොරෝනා බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ මහතාට දෙවන වරටත් කොවිඩ් වයිරසය වැළඳී තිබේ. 17 July 2020
ඉන්දියාවෙන් දිනකදී වයිරස ආසාදිතයන් 32,600ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (16) වාර්තා වූ අතර එම ගණන 32,695ක් ලෙස දැක්විණි. 16 July 2020
බිහාරයට අඟුළු දමයි නව කොරෝනා වයිරසය නැවත වරක් වේගයෙන් ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ ඉන්දියාවේ ප්‍රාන්ත රැසක් මේ වනවිට දැඩි අර්බුදයකට මුහුණ පා ඇත. 16 July 2020
පී.සී.ආර්.පරීක්ෂණයට ලක්කළ රත්ගම 10 කට කොරෝනා නෑ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ පදිංචිකරුවන් 10 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කළබවත් අද (16) පස්වරුවේ ලැබුණු පී.සී.ආර්.පරීක්ෂණ වාර්තා අනුව ඉන් කිසිඳු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇති බව රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කමල් කොඩිකාර මහතා පවසයි. 16 July 2020
කොරෝනා ආසාදිත රෝගීන් ගණන 2687 ක් දක්වා ඉහළට කොරෝනා ආසාදිත සමස්ථ රෝගීන් ගණන 2687 ක් දක්වා ඉහළ ගොස් ඇත. 16 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026