බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ මහතාට දෙවන වරටත් කොවිඩ් වයිරසය වැළඳී තිබේ. බ්‍රසීල ජනාධිපති ජොයිර් බොල්සනොරෝ යළිත් වරක් කොවිඩ් පරික්ෂණයට භාජනය වී ඇති අතර එහිදී ඔහු කොවිඩ්-19 ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.
බ්‍රසීලියා අගනුවර පිහිටි සිය නිල නිවසේ දී නිරෝධායනයට ලක්වෙමින් සිටින ඔහු සිය රාජකාරී කටයුතුවල අඛණ්ඩව නිරත වන බවටත් වීඩියෝ පණිවුඩයක් ඔස්සේ දැනුම් දී ඇත.
බ්‍රසීලයෙන් අද වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 1, 970,909කි.සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 75, 523කි.පුද්ගලයින් 1,366,775 ක් පූර්ණ සුවය ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද 13, 697, 662ක් දක්වා ඉහළ ගොස් තිබේ.ලොවපුරා රටවලින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 586,896කි.
( ගාඩියන් ඇසුරෙනි)
125
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බ්‍රසීල ජනපතිට දෙවැනි වරටත් කොරෝනා