
(ජේ.කේ.එල් .චාමින්ද)
රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ පදිංචිකරුවන් 10 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කළබවත් අද (16) පස්වරුවේ ලැබුණු පී.සී.ආර්.පරීක්ෂණ වාර්තා අනුව ඉන් කිසිඳු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇති බව රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කමල් කොඩිකාර මහතා පවසයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියකු බැලිම සඳහා ගිය රැඳවියාගේ පවුලේ සාමාජිකයින් 04 දෙනෙකු, තවත් දෙදෙනෙකු හා මොවුන් ගිය වාහනයේ රියදුරු පී සී.ආර් පරීක්ෂණවලට ලක්කොට ඇති අතර පරීක්ෂණ වාර්තා අනුව ඉන් කිසිදු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.
එමෙන්ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිත උපදේශකවරයා පැමිණි සුපිරි වෙළදසැලක හිමිකරු හා පවුලේ සිව් දෙනෙකු පී. සී.ආර්. පරීක්ෂණවලට ලක්කළ බවත් එම සිව්දෙනාටද කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කමල් කොඩිකාර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd