(ජේ.කේ.එල් .චාමින්ද)
කොරෝනා ආසාදනයවීමෙන් කොළඹ අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හබරාදුව හිනටිගල ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයා සුවය ලබා නිවසට පැමිණි බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
මෙකී උපදේශකවරයාට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි කළ පී. සී.ආර්. පරීක්ෂණයේ දි කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු ප්‍රතිකාර සදහා කොළඹ අයි.ඩි.එච් රෝහල වෙත ඇතුළත් කර තිබිණි.
මෙම උපදේශකවරයාගේ බිරිද ඇතුළු සමිප ආශ්‍රිතයින් 21 දෙනෙකු මෙම මස 22 වැනිදින දෙවැනි වතාවට ද පී.සී.අර්. පරීක්ෂණ සදහා යොමුකිරීමට කටයුතු කරණ බැව් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය. පළමු පී.සී.ආර්. පරීක්ෂණයේ දි මෙම උපදේශකවරයාගේ සමීප ආශ්‍රිතයින් කිසිවෙකුටවත් කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇති බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කන්දකාඩු උපදේශකවරයා සුවය ලබා පිටව යයි