
ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන් ගණන ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇත.
ඒ අනුව මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 10,03,832ක් ලෙස දැක්වේ. එරටින් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 25,602කි. ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 6,35,757කි.
ලොව තෙවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි.
ඉන්දියාව කොරෝනා වයිරසය පැතිර යෑම වළක්වා ගැනීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමත් සමඟ රටේ කුඩා නගරවලත් ගම්මාන තුළත් වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.
ලොව වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.
(රොයිටර්)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd