IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහර නරඹන්නන්ට තහනම්

(කතරගම කේ ඩි දේවප්‍රිය)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ලබන 21 වැනි දින පැවැත්වීමට නියමිත ඇසළ මහ පෙරහර  නැරඹීමට ඉඩ නොදෙන බව අද (18)  කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ පැවති පෙරහැර සංවිධායක කමිටුව තීරණය කරනු ලැබීය.

පසුගියදා දහවල් කාලය පුරා වන්දනා කිරීම සඳහා දේවාලයට පැමිණිමට අවසර දීමට තීරණය කළ අතර, මේ වනවිට පවතින අවදානම් තත්වය මුල් කරගෙන පෙරහැර පැවැත්වෙන දින 14 තුළ කිසිඳු පිටස්තර අයකුට බැමිණීමට ඉඩ නොදෙන බව මොණරාගල දිසා ලේකම් ගුණදාස අමරසිංහ මහතා අද පැවැති රැස්විමේදී සඳහන් කළේය.

ඇසළ පෙරහැර දෙවියන්ගේ චාරිත්‍ර පමණක් ඉටු කරමින් 250 ක පමණ සහාභාගීත්වයෙන් පෙරහැර සෞඛ්‍ය උපදෙස් මත සිදු කරන ලෙස මෙම අවස්ථාවට එක් වු ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජේ. සී. තෙන්නකෝන් මහත්මිය උපදෙස් දෙන ලදී.
පෙරහැරට එක්වන කතරගම දේවාලයේ සුලු නැටුම් කණ්ඩායම්ද, පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කර පෙරහර සඳහා යෙදවීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරන ලදී.

කතරගම කිරිවෙහෙර දාන ශාලාවේදී පැවැත්වූ මෙම වැඩසටහන මොණරාගල දිසා ලේකම් ගූණදාස අමරසිංහ මහතාගේ මූලිකත්වයෙන් සිදුවිය. මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පී.ඩී.කේ. අධිකාරි., තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චනක අමිල් රංගන යන මහත්වරු ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක නියෝජිතයෝ එක් වී සිටියහ.

ආගමික අනුශාසනා සඳහා රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියන් හා රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් වැඩම කර සිටියහ.



අදහස් (4)

කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහර නරඹන්නන්ට තහනම්

deepal Saturday, 18 July 2020 09:49 AM

දෙවියනි ඔබ කොහෙද.?

:       0       0

Mahesh Saturday, 18 July 2020 09:56 AM

තොණ්ඩමන්ගේ අවමගුල් පෙරහර වගේ තිබුණාට කමක් නැහැනේ.. ඡන්දේ තියනවනේ.. ඡන්දෙ නිසා තමන්ගේ දේවල් පවා අමතක වෙනවා.

:       1       74

siri Saturday, 18 July 2020 10:53 AM

දෙයියන්ටම පෙනීයන්..!!!

:       1       70

Perera Sunday, 19 July 2020 05:03 AM

කතරගම පෙරහැර බලන්න තහනම්, තොන්ඩමන්ගේ අවමගුල් පෙරහැර දවස් 5ක් තිස්සේ බලන්න කිසිම තහනමක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31698 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14162 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site