IMG-LOGO

ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 34,900ක්

ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (17) වාර්තා වූ අතර එම ගණන 34,956ක් ලෙස දැක්විණි.

ඒ අනුව අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 10,03,832ක් දක්වා ඉහළ ගියේය.

මේ වනවිට ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන වයිරස ආසාදිතයන්ගේ ගණන 3,42,473ක් වන අතර වයිරසය ආසාදනය වී සුව වූ පිරිසගේ ගණන 6,35,757කි.

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 25,602කි.

නව කොරෝනා වයිරසයෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,84,281කි. දෙවැනියට තමිල්නාඩුවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 1,56,369කි. දිල්ලියෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 1,18,645ක් වන අතර කර්නාටක ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 51,422කි.

අසල්වැසි පාකිස්තානයෙන් අද වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,57,914ක් වන අතර බංග්ලාදේශයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,96,323ක් වේ.

එන්.ඩී.ටීවී.

055

 

 



අදහස් (0)

ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 34,900ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 168 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 483 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site