(ඩී.ජි.සුගතපාල)
හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ (17) ගෙනෙන ලද හෝමාගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ 14දෙනාගෙන් කිසිවෙකුටවත් කොරෝනා ආසාධනය වී නොමැති බවට කරාපිටිය රෝහලේදී සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණවලදී අද (18) තහවුරුවී ඇතැයි ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
පොලිස් අධිකාරිවරයෙකු, සහකාර පොලිස් අධිකාරිවරයෙකු, කාන්තා සැරයන්වරියන් තිදෙනෙකු, කාන්තා කොස්තාපල්වරියක්, පොලිස් අධිකාරිවරුන් දෙදෙනාගේ රියදුරන් දෙදෙනා, ප්‍රධාන ලිපිකරු සහ සිවිල් කාර්ය මණ්ඩලයේ 5දෙනෙකු ඇතුලු 14 දෙනෙකු නිරෝධායනය සඳහා ඊයේ (17) හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමෙන් පසු පී.සි.ආර්. පරීක්ෂණ සිදුකරන ලදී.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන සැරයන්වරියකගේ පුතෙකුට කොරෝනා ආසාධනය වීමෙන් පසුව සැරයන්වරියටද ආසාධනය වී ඇති අතර ඇය කාර්යාලයට පැමිණිම නිසා සහකාර පොලිස් අධිකාරි කාර්යාලය වසා කාර්ය මණ්ඩලය දින 14ක් නිරෝධායනය සඳහා හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන එන ලදී.
ඒ අනුව මේ වනවිට හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ නාවික හමුදාවේ 35ක් සහ පොලිසියේ 14 දෙනා ඇතුලු 49ක් නිරෝධායනය වෙමින් සිටිති.
මෙම නිල පියස නිරෝධායන මධ්‍යස්ථානය පොලිස් දෙපාර්තමේන්තු විසින් පවත්වා ගෙන යනු ලබන එකකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd