ලෙල්ලොපිටියේ ආයතනයක් වසා 14 ක් නිරෝධායනයට රත්නපුර ලෙල්ලොපිටිය ප්‍රදේශයේ අලෙවි නියොජිත ආයතනයක් වසා දමා එහි සේවය කළ 14 දෙදෙනෙකු සහ ඔවුන්ගේ පවුල් නිවෙස් නිරෝධායනයට ලක් කිරිමට පැල්මඩුල්ල සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේය. 14 July 2020
කොරෝනා ආසාදිතයන් 5ක් හමුවෙයි ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත රෝගීන් 5දෙනෙකු අද(14) දිනයේදී මේ වන විට වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 14 July 2020
රාගම පෞද්ගලික රෝහලක් වසාදමයි රාගම පෞද්ගලික රෝහලක සේවය කළ කළමනාකරුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ එම රෝහල තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. 14 July 2020
මධ්‍යම පළාතේ 300ක් ස්වයං නිරෝධායනයට කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ, කොරෝනා ආසාදිතයන් බවට තහවුරු කරගත් හමුදා නිලධාරින් 9 දෙනෙකු මධ්‍යම පළාතේ පදිංචිකරුවන් බව තහවුරු වී ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි. 14 July 2020
බලන්ගොඩ තවත් 23 ක් නිරෝධායනයට පසුගිය දිනවල කෝවිඩ් -19 ආසාදනය වී ඇතැයි හඳුනාගත් පුද්ලයෙකු සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ බලන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් 6 දෙනා සමග සම්බන්ධතා පැවැත්වූ තවත් 23ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නූර්දීන් රිෆයිඩීන් මහතා පැවසීය. 14 July 2020
රත්නපුර ආසාදිතයා ඇසුරුකළ බලංගොඩ 6ක් නිරෝධායනයට පසුගිය දින කිහිපය තුළ කොරෝනා රෝගය වැළඳුණු, රත්නපුර රෝගියා ඇසුරු කළ බළංගොඩ පුදේශයේ පුද්ගලයින් 6දෙදෙනෙකු අද(14)සිය නිවෙස්වලම ස්වයං නිරෝධනයට ලක්කර ඇති බව බළංගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ජයවික්‍රම මහතා සඳහන් කළේය. 14 July 2020
කැකිරාව කිතුල්හිටියාව 30ක් ස්වයං-නිරෝධායනයට කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ නිවාස 7ක පුද්ගලයින් 30ක් ස්වයං-නිරෝධායනයට යොමු කළ බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 14 July 2020
කොරෝනා ආසාදිතයින් ගණන 2646 දක්වා ඉහළට කොරෝනා ආසාදිත සමස්ථ රෝගීන් ගණන 2646 ක් දක්වා ඉහළ ගොස් ඇත. 13 July 2020
ගිරිඋල්ලේ 7 ක් ස්වයං නිරෝධායනයට ගිරිඋල්ල නාරංගොඩ දික්හේනවත්ත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ හත්දෙනෙකු අද (13) ස්වයං නිරෝධායනයට ලක්කළ බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 13 July 2020
නිරෝධායන නීති උල්ලංඝනය කළ තංගල්ලේ වෙළෙදසැල් තුනක් වහයි නිරෝධායන නීතින් පිළිනොපැදූ බව කියන තංගල්ල නගරයේ රෙදිපිළි අලෙවිසැල් 3 ක් වසා දැමීමටත් එහි සේවක සේවිකාවන් හය දෙනකු නිරෝධායනය කිරීමටත් අද (13) තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරිහු ක්‍රියාකළහ. 13 July 2020
විවිධ ප්‍රදේශවලින් ආසාදිතයන් හමුවූවායි කියන කතාවල සත්‍යතාවක් නැහැ ශ්‍රී ලංකාව පුරා, යම් යම් ප්‍රදේශවලින් විටින්විට කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් හමුවී ඇතැයි පැතිර යන කතාවල සත්‍යතාවක් නැති බවද, රෝගියකු හමු වු විට ඒ බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශ කරන බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද(13) පැවසීය. 13 July 2020
මොණරාගල දෙදෙනකුට කොරෝනා මොණරාගල දිස්ත්‍රික්කයේ කොරෝනා වැළදී ඇතැයි සැකකළ පුද්ගලයන් පස්දෙනෙකු සම්බන්ධයෙන් සිදුකල පරික්ෂණ වලදි ඉන් දෙදෙනෙකුට කොරෝනා වැළදී ඇති බවට අද (13) තහවුරු වූ බව මොණරාගල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පි.පි.කේ අධිකාරි මහතා පැවසිය. 13 July 2020
සබරගමු දේවාලයේ තේවාවන් මහජනයාට සීමාකෙරේ සබරගමු මහ සමන් දේවාලය ආශ්රිත ප්‍රදේශයෙන් ද කොරෝනා වයිරසය වැළඳුනු හමුදා නිලධාරියෙකු වාර්තාවීමෙන් පසු සබරගමු මහ සමන් දේවාලයේ පූජා කටයුතු මහජනයාට සීමා කළ බව බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා පැසුවේය. 13 July 2020
කන්දකාඩුවේ රැඳවියන් බලන්න ගිය මිනුවන්ගොඩ 10ක් නිරෝධායනයට රැඳවියන් බැලීම සඳහා කන්දකාඩු පුනරුත්ථාපන කදවුර වෙත ගිය මිනුවන්ගොඩ පුද්ගලයන් 10 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 13 July 2020
රාජාංගනයේ කොරෝනා ආසාදිතයන් 14ක් අයිඩීඑච් රෝහලට කොරෝනා වයිරසය ආසාදිතවු බවට තහවුරු කරගත් රාජාංගනය ප්‍රදේශීය ලේකම් කෝට්ඨාසයේ පුද්ගලයන් 14 දෙනෙකු ප්‍රතිකාර සදහා කොළඹ අයිඩීඑච් රෝහල වෙත යවන ලද බව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා අද(13) පැවසීය. 13 July 2020
කන්දකාඩුවේ නිරෝධායන අවසන් කළ දෙදෙනෙකුට කොරෝනා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට නැවත කොරෝනා ආසාදනය වී ඇතැයි අකුරැස්ස පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඒ. ප්‍රේමරත්න මහතා පවසයි. 13 July 2020
ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 28,000ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (12) පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී වාර්තා වූ අතර එම ගණන 28,637ක් විය. 12 July 2020
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 623 ට නගී අද (12 වැනිදා- ඉරිදා) රාත්‍රී 10.00 වන විට ජාතික බෝවන රෝග මර්ධන ඒකකය විසින් නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවත් 10 කින් වැඩිවී තිබේ. ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 623 කි. 12 July 2020
උණවටුන දුම්රිය ස්ථානය වසා දමයි උණවටුන උප දුම්රිය ස්ථානය හෙට (13) පෙරවරු කාලයේ වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 12 July 2020
ඇමෙරිකාවෙන් දිනකට කොරෝනා ආසාදිතයන් 60,000ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පසුගිය දින කිහිපයේදීම හැටදහස ඉක්මවා නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වූයේ යැයි එරට ‘ද වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත වාර්තා කරයි. 12 July 2020
කොවිඩ් දෙවන රැල්ලෙන් වැළකෙන්න සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න කොවිඩ් 19 දෙවන රැල්ලක් ඒම වැළැක්වීමට නම් සියලු දෙනා සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 12 July 2020
තංගල්ලේ 14 ක් නිරෝධායනයට තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු 12 දෙනකු සහ වෙළෙදසැල් දෙකක හිමිකරුවන් අද (12) නිරෝධායනය කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පවසයි. 12 July 2020
මහනුවරිනුත් කොරෝනා රෝගියෙක් හමුවෙයි මහනුවර කුන්ඩසාලේ ප්‍රදේශයේ හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් ඔහුගේ පවුලේ අයද මේ වන විට පී.සී.ආර් පරීක්ෂණයට ලක් කර ඇති බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ අර්ජුන තිලකරත්න මහතා පැවසීය. 12 July 2020
ගාල්ලේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි තවත් දෙදෙනෙකුට කොරෝනා විදේශීය නෞකාවලට ආරක්ෂාව සපයන ගාල්ල නුගදූව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් අද (12) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පී සී ආර් පරීක්ෂණයට ලක් කළ අතර එම පරීක්ෂණයේදී මෙම පුද්ගලයන් දෙදෙනා කොරෝන ආසාදිතයන් බවට තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 12 July 2020
‘‘ප්‍රමාද නොකර සෞඛ්‍ය නිර්දේශ ගැසට් කරන්න‘‘ මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීම ප්‍රමාද කිරීම මගින් බරපතල තත්වයක් ඇතිවිය හැකි බව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පැවසීය. 12 July 2020
කන්දකාඩුවේ ආසාදිතයන් ඇසුරු කළ 60 ක් නිරෝධායනයට කෝවිඞ් 19 ආසාදනය වූ, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවයේ යෙදුණ යුද හමුදාවේ තිදෙනා ඇසුරු කළ පුද්ගලයන් වශයෙන් හඳුනාගත් 60දෙනෙකු නිවෙස් තුල නිරෝධායනයට යොමුකළ බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි. 12 July 2020
හබරාදුවේ ආසාදිතයාගේ සමීපතමයන්ට කොරෝනා නැහැ හබරාදුව හීනටිගල ඊයෙ (11) වාර්තා වූ කොරෝනා ආසාදිතයාගේ බිරිඳ, මව ඇතුළු සමීපව ඇසුරු කළ අය16 දෙනා කෝවිඩ් ආසාදිතයන් නොවන බව තහවුරුවූ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 12 July 2020
පාසල් - අධ්‍යාපන ආයතන වසා දැමීම ගැන සලකා බලයි දැනට පවතින කොරෝනා වයිරසය තත්වය තවදුරටත් නරක අතට පත්වුවහොත් පාසල් සහ සියලුම අධ්‍යාපන ආයතන වසා දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය අද (12) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 12 July 2020
ලංකාපුර 66ක් ස්වයං-නිරෝධායනයට කාන්දකාඩු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයට ආගිය සහ ඔවුන්ගේ සමීපතමයින් ලෙස හඳුනාගත් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 5ක වෙසෙන පුද්ගලයෝ 66දෙනෙකු ඔවුන් වෙසෙන නිවෙස්වලම ස්වයං නිරෝධායනට අද(12) යොමුකළ බව පොළොන්නරුව දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා අංශය කියයි. 12 July 2020
කන්දකාඩුවේ උපදේශකවරයා ගිය වෙළඳසැලක සේවිකාවන් 12ක් නිරෝධායනයට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශකවරයා ගිය බව කියන, හික්කඩුව නලාගස්දෙණියේ රෙදිපිළි වෙළඳසැලක සේවිකාවන් 12 දෙනෙකු අද (12) ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවර ගත් බව හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 12 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026