(කුෂාන් ජයවර්ධන)
කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ නිවාස 7ක පුද්ගලයින් 30ක් ස්වයං-නිරෝධායනයට යොමු කළ බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාධිත පොකුරට අයත් යුද හමුදා නිලධාරියකු ඇතුලු එම පවුලේ පිරිස ඇසුරු කළ බව කියන නිවාස 7ක පදිංචි පිරිස ඊයේ රාත්‍රියේ සිට මෙලෙස ස්වයංනිරෝධායනයට යොමු කර තිබේ.
පීසීආර් පිරීක්ෂණයන්ට අනුව අදාළ හමුදා නිලධාරියාට කෝවිඩ්-19 ආසාධිත බවට තහවුරුවීමත් සමග එම ආශ්‍රිත පිරිස මෙලෙස ස්වයං-නිරෝධායනයට යොමු කළ බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
එම ආසාධිත යුද හමුදා නිලධාරියාගේ බිරිය ඇතුලු පවුලේ සාමාජිකයින් 5දෙනෙකුද ස්වයං නිරෝධායනය සදහා යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබු අතර එම පිරිස අද 14 අලුයම දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට යුධහමුදාව කටයුතු කර ඇති බව ද ඔවුන්ද පීසීආර් පරීක්ෂණ සදහා යොමු කිරීමට නියමිත බව ද කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.



COMMENTS
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙවැනි රැල්ල ඇතිවීම වැලැක්වීම සඳහා ප්‍රඥාගෝචර වැඩපිළිවෙළක් ගැන නිතර නිතර දනුම්දුන්නත්, සෞඛ්‍ය ඇමැතිනිය ඒ ගැන තකීමක් කොට නැති බව එම සංගමය විසින් නිකුත්කොට ඇති අන්තර්ජාල වීඩියෝවේ සඳහන් වෙනවා. කරුණාකර ඒ පිළිබඳව ජනපතිතුමාගේ අවධානය යොමුකරවීම වැදගත්...