(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පිළියන්දල දැල්තර ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගී කාන්තාවන් දෙදෙනා ගමන් කළ බව පැවසෙන පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු නිරෝධායනයට ලක්කර 17 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට අද (17) පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .
ඒ අතර පිළියන්දල දිසා රෝහලේ 11 දෙනෙකු ද, රන් භාණ්ඩ අලෙවිසැළක 6 දෙනකු ද වන බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා කීය .
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිවාඩු ආ රත්නපුර ප්‍රදේශයේ පදිංචි කොරෝනා රෝගී යුද හමුදා නිලධාරියාගේ ,මවට සහ මිත්තණියටද කොරෝනා රෝගය වැළඳුණු බවට 16 දා වාර්තා වීමත් සමග එම කාන්තාවන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගමන් කළ බව පැවසෙන පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු නිරෝධායනයට ලක්කර තවත් 11 දෙනකු මෙසේ පී.සී.ආර්.පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගත් බවද කීය .
එසේම එම කාන්තාවන් පිළියන්දල නගර මධ්‍යයේ පිහිටි රන්භාණ්ඩ අලෙවිසැළකට ද ගොස් ඇති අතර එම අලෙවිසැළ නිරෝධනයට ලක් කර එහි සේවකයින් 6 දෙනෙකු ද මෙසේ පි.සි.ආර් පරීක්ෂණයට ලක් කරන බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .
එසේම රෝහලට සහ රන් භාණ්ඩ අලෙවිසැළට සංචාරණය කළ අයවලුන් සොයා තවදුරටත් පරීක්ෂණ පවත්වන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු නිරෝධායනයට