
ඇල්කොහොල් භාවිත කර නිෂ්පාදනය කළ අත් සෝදන දියර (සැනිටයිසර්) පානය කිරීමෙන් ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ 10 දෙනෙක් පමණ මියගොස් ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටී.
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් එම ප්‍රදේශයේ මත්පැන් විකුණන ස්ථාන වසා දමා තිබීමෙන් ඔවුන් සැනිටයිසර් පානය කිරීමට පෙළඹී ඇති බවට සැක කරන බව මාධ්‍ය වාර්තා කරයි.
කුරිචේදු නම් එම ගම්මානයේ කොරෝනා ආසාදිතයින් බහුලව හමු වී තිබේ.
මියගොස් ඇති පුද්ගලයින් ජලය සහ සිසිල් බීම සමග සැනිටයිසර් මිශ්‍ර කර පානය කර ඇති බව පොලීසිය පවසයි.
දැඩි ලෙස මත්පැන් පානය කිරීමට පුරුදු වී ඇති සමහර පුද්ගලයින් එම මිශ්‍රණයන් දින 10ක් පමණ පානය කර ඇති බව පැවසේ.
(හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි)
(125)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ මෝඩ මිනිස්සු ගොඩක් ඉන්නවා. වරක් ඔවුන් බිත්තර ෂැම්පූ පානය කළ නමුත් ශ්‍රී ලංකා දේශපාලකයින් සිතන්නේ ඉන්දියානු උපදෙස් අන් සියල්ලටම වඩා හොඳ බවයි. ශ්‍රී ලංකාවේ ඉන්දියානු උපදේශකයින් / ගුරුවරුන් කී දෙනෙක් සිටීද?
ඉන්දියානු හමුදාව 1987 සාම සාධක මෙහෙයුම් සඳහා ලංකාවට ආපු වෙලාවෙ, මෙලෝ සිහියක් නැතිව බිත්තර කියල හිතාගෙන "එග් ෂැම්පූ" බිව්වා. පොල් තෙල් බෝතල් පිටින් බිව්වේ. ඒ මිනිස්සුන්ගෙ උගත් කම තමයි. ඒ වගේම අපේ රටේ මිනිස්සු හොරුන්ට ඡන්දෙ දෙන එක දැකල අපිටත් කියනවා "උවූන්ගෙ උගත් කම තමයි කියලා". බලනකොට දෙකම ඇත්ත.